සිවිල් ආරක්ෂක නිලධාරීන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් - ජනපති
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා කාලය වසර 20 සම්පූර්ණ වූ හෝ සාමාජිකාවන්ගේ වයස අවුරුදු 50 සම්පූර්ණ වීම සහ සේවා කාලය අවුරුදු 22 සම්පූර්ණ වූ හෝ වයස අවුරුදු 50 සම්පූර්ණ වූ හෝ සිවිල් ආරක්ෂක සාමාජිකයන්ට විශ්‍රාම වැටුප් සහිතව විශ්‍රාම යාමට අවසර ලබා දීම පිළිබඳ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ජා කර ඉදිරි පියවර ගන්නා බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ අභිනවයෙන් ඉදිකරන ලද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (04) පස්වරුවේ එක් වෙමිනි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට දීර්ඝ කාලයක් පැවති අඩුවක් සම්පූර්ණ කරමින් මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ ඉදිකර තිබෙන මූලස්ථාන ගොඩනැගිල්ල සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 120කි.
මෙම උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ තිස් වසරක ත්රස්තවාදයට එරෙහි සටන් බිමේ ති‍්‍රවිධ හමුදාව සහ පොලීසිය සමඟ එක්ව සිවිල් ආරක්ෂක බළකාය ද ඉටු කළ ඓතිහාසික කාර්යභාරය කිසිදා ඉතිහාසයෙන් මැකී නොයන බවයි.
එම සාමාජිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගතයුතු සෑම පියවරක්ම ගැනීමට කටයුතු කරන බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා 2015 ජනාධිපතිවරණයේ දී දුන් පොරොන්දුවක් අනුව සිවිල් ආරක්ෂක සේවාව වශ්‍රාම වැටුප් සහිත රාජ්‍ය සේවාවක් බවට පත්කිරීමට කටයුතු කළ බව ද පැවසීය.
ඊයේ දිනයේද ඉල්ලීම් 09ක් සහිත යෝජනාවලියක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන්ගේ සුබසාධන කටයුතුවලට අදාළ එම ඉල්ලීම් හැකි උපරිමයෙන් ඉටුකර දීමට පියවර ගන්නා බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
සමරු ඵලකය නිරාවරණය කර මුලස්ථාන ගොඩනැ`ගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.
වයස අවුරුදු 60 සම්පූර්ණ වී 2015-04-23 වන දිනට පෙර සේවයෙන් ඉවත් වූ සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන් වෙත දීමනාවක් ලබාදීම සංකේතවත් කරමින් කිහිප දෙනෙකු වෙත එම දීමනාව ප්රදානය කිරිම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
කෂිනි හපුආරච්චි

popular news
-
Champa Wednesday, 05 June 2019 04:54 PM
2015 විතරක් නෙමෙයි 2019 දීත් රණවිරුවෝ පාවාදීපු මිනිස්සු ත්‍රස්තවාදය වැළැක්වීමට දායක වෙච්ච මිනිස්සු ගැන කතා කරන එක තමයි ලොකුම විහිළුව. විශ්‍රාම වැටුපක් දීල නැත්නම් එහෙම දෙන එකේ කිසි වැරැද්දක නැහැ. හැබැයි මේවා චන්ද ගුණ්ඩු කියලා ලංකාවම දන්නවා. අනික මේ බෙදන්නේ වහල් ආණ්ඩුව උපයපු ධනය නෙමෙයි මුළු රටම උගසට තියල විදේශ රටවලින් ගත්ත ණය. මුළු රාජ්‍ය තන්ත්රයම අවුල් කරලා දාල තියෙන්නේ දැන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

