සිරගත කළ රණවිරුවන් වෙනුවෙන් ආබාධිත රණවිරුවෝ විදී බසිති
සිරගත කොට ඇති සහ එල්ලුම්ගහට නියම ව සිටින රණවිරුවන්ට ජනපති සමාව ලබාදී බේරා දෙන්නැයි ඉල්ලමින් ආබාධිත රණවිරුවන් පිරිසක් අනුරාධපුර ජයසිරිමහ බෝධීන් වහන්සේ ඉදිරිපිට සිට පාගමනින් කතරගම කිරිවෙහෙර බලා ගමන් කරමින් සිටින අතර එම රණවිරුවන් අද දින දඹුලු නගරයට ප්‍රවිෂ්ඨ වූහ.
එහිදී දඹුල්ල නගර මධ්‍යයේදී නගරාධිපති ජාලිය ඕපාත මහතා සහ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු සහ මහා සංඝරත්නය මෙම රණවිරුවන් පිළිගෙන දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි බුදු පිළිම වහන්සේ ඉදිරිපිට පංචශීලයේ පිහිටුවා ඔවුන්ට සෙත් පිරිත් සජ්ජායනා කොට පිරිත් නූල් ගැට ගැසීම සිදු කරනු ලැබූහ.
මෙම ගමනට එක්ව සිටින ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම බවට පත්වූයේ යුද්ධයේදී සුවිශාල වූ සේවයක් සිදු කළ රණවිරුවන්ට මේ වන විට විවිධ චෝදනා එල්ල කරමින් සිරගත කිරීම් සහ මරණීය දණ්ඩනය නියම කොට තිබෙන බවත් එම අයට ජනාධිපති සමාව ඉල්ලා සිටීම මෙහි අරමුණ බව සඳහන් කළහ.
මෙම පා ගමනින් කිරිවෙහෙර අභියසට ගොස් අධිෂ්ඨාන ප්‍රාර්ථනාවක් සිද්ධ කරන බවද ඔවුහු සඳහන් කළහ. මේ අවස්ථාවට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සහ ප්‍රදේශයේ මහා සංඝරත්නය ප්‍රදේශවාසීන් එක්ව ඔවුන්ගේ ගමනට එක් වීමද විශේෂත්වයකි.
පා ගමනට එක්ව සිටී දෑස් නොපෙනෙන දෙපා අහිමි සහ විවිධ ආබාධ රණවිරුවන් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඔවුන් සියලු දෙනාම එක හඬින් කෑකෝ ගසමින් කියා සිටියේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අවධානය මේ පිළිබඳව යොමු කළ යුතු බවය.


popular news
-
සුමනසිරි Tuesday, 27 November 2018 04:36 PM
කොටියන්ගේ ආණ්ඩුව ගෙදර ගිය නිසා දැන් වත් ඔබගේ උත්සාහය හරියාවි කියල හිතනවා
Reply : 1 1
Champa Tuesday, 27 November 2018 05:16 PM
මේකේ ඉස්සෙල්ල එකට comment එකක් දැම්ම. අවුරුදු 4ක් රණවිරුවෝ හිරේ දානවා බලා හිටපු සහ එහෙම කරපු යහපාලනය ආණ්ඩුවේ නියමුවා සිරිසේන ජනාධිපති මොකක් කරයිද දැන්?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

