සිරකරුවන් වෙනුවෙන් වසරකට රු බිලියන 5ක්
මෙරට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් වෙනුවෙන් පමණක් වසරකට රුපියල් බිලියන පහකට අධික ප්‍රමාණයක් වැය කරන බවට තොරතුරු හෙළිවෙයි.
මෙරටබන්ධනාගාර තුළ රක්ෂිත බන්ධනාගාරගත කළ පුද්ගලයන් හා සිරකරුවන් 23,939ක් රඳවා තිබෙන බවත්,එක් සිරකරුවෙකු වෙනුවෙන් ආණ්ඩුව දිනකට රුපියල් 676ක වියදමක් දරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ඊයේ (01දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
හෙතෙම සඳහන් කළේ මෙම දත්ත මාර්තු 21 වැනිදා ලබාගත් බවයි.
ඔහු ඉදිරිපත් කළ දත්ත අනුව සිරකරුවන් වෙනුවෙන් වසරකට රජය දරන වියදම රුපියල් බිලියන 5.90ක් බවට පත්ව තිබේ. (23,939x676x365= 5,906,708,860)
එක් සිරකරුවෙකු වෙනුවෙන් ආහාර සඳහා පමණක් දිනකට රුපියල් 114ක් වැය කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ සිරකරුවන් 9,200 (පුරුෂ - 8,936 හා කාන්තා - 264)ක්හා රක්ෂිත බන්ධනාගාරගත කළ පුද්ගලයන් 14,739 (පුරුෂ 13,746 හා කාන්තා 993)ක් සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

popular news
-
Champa Tuesday, 02 April 2019 09:31 AM
මත්ද්‍රව්‍ය ජාවාරම් නිසා සහ කුලියට මිනීමැරීම් නිසා හිරේ යන අපරාධකාරයන්ගේ චංචල නිශ්චල දේපල සියල්ල රජයට පවරා ගන්න ඕනේ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

