සියලු ජාතීන් අතර සංහිඳියාව ගොඩනැගිමට අවශ්‍ය වන්නේ භාෂාවයි
රටේ සියලු ජන කොටස් අතර විශ්වාසය, සහයෝගය සහ අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනැංවීමට අවශ්‍ය ප්‍රධාන සාධකය භාෂා දැනුම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ අද (01) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති රාජ්‍ය භාෂා දින උත්සවය අමතමිනි.
රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ඵලදායීව කි‍්‍රයාත්මක කිරීමේ අරමුණින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීමේ සතියක් අද සිට ජූලි 05 වනදා දක්වා කි‍්‍රයාත්මක අතර එහි සමාරම්භක අවස්ථාව මෙහිදී සනිටුහන් කෙරිණි.
ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය වැඩසටහන මෙහෙයවයි.
මෙම උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අද සියලු දෙනා අතර සංවාදයට ලක්ව තිබෙන සංහිඳියාව යථාර්ථයක් කර ගැනීමට නම් එම වැඩසටහන් ප්‍රායෝගිකව කි‍්‍රයාත්මක විය යුතු බවයි.
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කෙරෙහි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ නිසි අවධානයක් තවමත් යොමු නොවීම හේතුවෙන් මතුව ඇති තත්ත්වය ද මෙහි දී පැහැදිලි කළ ජනාධිපතිතුමා කියා සිටියේ තමන්ගේ භාෂාවට ගෞරවයක් ලබා දෙනවා සේම අනෙක් භාෂා පිළිබඳව ද සියලූදෙනා දැනුවත්වි සිටීම ඉතා වැදගත් බවයි.
එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ රටේ ජීවත්වන ජනතාව අතර බිය සැක සහ අවිශ්වාසය ගොඩනැගී ඇත්තේ එකිනෙකා හඳුනා නොගැනීමෙන් බවයි. එබැවින් සියලූ ජනතාව සතුටින් ජීවත්වන සාමකාමි සහ නිදහස් රටක් ගොඩනැගීමට දරුවන් සහ පොදු ජනතාව අතර භාෂා දැනුම ප්‍රවර්ධනයට විශේෂ අවධානයක් යොමු විය යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් දායකත්වය ලබාදෙන භාෂා විගණන වාර්තාව ඉදිරිපත් කිරීම සහ ත්‍රෛභාෂාවට පරිවර්තනය වූ පෝරම් වෙබ් අඩවිය මඟින් ප්‍රකාශයට පත් කිරීම ද මෙහිදී සිදු විය.
ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන්, අමාත්‍යාංශයේ ලේකම් ඒ.එස්.එම්.එස්. මහානාම, කැනේඩියානු මහකොමසාරිස් ඬේවිඩි මැකිනන් යන මහත්ම මහත්මීන් ද කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය සඳගෝමි කෝපරහේවා, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ හිටපු පිඨාධිපති මහාචාර්ය එන්. සෙල්වකුමාරන් යන මහත්වරුන් ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් සහ විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

popular news
-
Champa Tuesday, 02 July 2019 10:52 AM
කතාව ඇත්ත. ඒ හින්ද ලංකාවේ ඉන්න සෑම පුරවැසියෙක්ටම සිංහල ඉගෙනීම අනිවාර්ය කරන්න ඕනේ. මීට පස්සේ ලංකාවේ පුරවැසි භාවය දෙන්න නම් සිංහල දැනගෙන ඉන්න ඕනේ. දන්නේ ඉන්දියන් භාෂාව නම් පුරවැසි භාවය ගන්න ඕනේ ඉන්දියාවේ, තමන් දන්නා භාෂාව කතා කරන රටේ.
Reply : 0 0
Deepal Nirosh Tuesday, 02 July 2019 04:14 PM
ඔය සංහිඳියාව ගැන කතා කරන්න පෙර මුලතිව් ගුරුකන්ද විහාරයේ මේ මස නියමිත දිනවල වස් ආරාධනා පිංකමට මුලතිව් පොලිසිය අවසර ලබා නො දීමත් ඒ් දිනවලට නියමිත ඒහි හින්දු කෝවිලේ දේව මෙහෙයට අවසර ලබා දීමත් කවර සංහිඳියාවක් යටතේ සිදුවන්නේ දැයි සොයා බැලුව නම් නේද හොඳ? තමුත්ගෙ ධුරයෙ ජාතික යුතුකම හා වගකීම පළමුව තේරුම් ගන්න උත්සාහ කරන්න. තාම පත්තරෙන්වත් මේ ගැන දැන ගත්තෙ නැද්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

