සියලුම ආකාරයේ මුහුණු ආවරණය කිරීම් හෙට සිට තහනම්
ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන සියළුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (2019.04.29) සිට හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.
මෙහිදී අනන්‍යතාවය තහවුරු කිරීමේ මූලික නිර්නායකය වන්නේ පුද්ගලයෙකුගේ මුහුණ පැහැදිළි ලෙස නිරාවරණය කිරීමේ අවශ්‍යතාවය බව එම නියෝගය තුළින් තව දුරටත් පැහැදිළි කර තිබේ.
රටේ ජාතික ආරක්ෂාව මෙන්ම කිසිදු ජන කොටසක් අපහසුතාවයට පත් නොවන සාමකාමී සහ සහාජිවනයෙන් යුත් සමාජයක් ඇති කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම තීරණයට එළඹ ඇත.
popular news
-
Priyantha Monday, 29 April 2019 12:10 AM
බත් කන්න තිබුන ගොයමටත් තාත්තා එක්ක තරහට ගිනිතියපු මේ ජනාධිපති තාත්තා ජීවිත කාලෙටම කරපු එකම මොලේ ඇති වැඩේ මෙච්චරයි.
Reply : 0 13
සෝඩා බෝතලේ Monday, 29 April 2019 12:30 AM
තහනම කෑඩුවොත් දෙන්ට දඩුවමක් තියනවාද නීතියෙන්? හදිසි නීතිය ඉවත්කල පසුවත් මෙම තහනම වලන්ගුද? මෙම තහනම රට තුල දිගටම ක්‍රියාත්මක වන්නේද? පෑහෑදිලි කිරීමක් අවශයයි.
Reply : 0 16
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

