සියයට 250ක පොලී අනුපාත යටතේත් ක්ෂුද්‍ර ණය දීලා
36% සිට 250% වැනි අධික පොලියක් යටතේ ලබා ගන්නා ක්ෂුද්‍ර ණය මුදල් හේතුවෙන් සිය දිවි නසා ගැනීම් ඇතුළු සමාජ ගැටලු ගණනාවක් නිර්මාණය වී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙම ජනතාවගෙන් බහුතරයක් අදාළ ණය මුදල් ලබාගෙන ඇත්තේ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සහ පරිභෝජනය සඳහා වීම ද විශේෂත්වයක් බව එම අමාත්‍යාංශය පවසයි.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති උත්වසයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ නියගය ඇතුළු ස්වාභාවික විපත් හේතුවෙන් ගොවි ජනතාව විශාල වශයෙන් ණය ගෙවා ගත නොහැකි තත්ත්වයට පත්ව තිබෙන බවයි.
ඉතාම සරල කොන්දේසි යටතේ නිවසට ම පැමිණ ලබා දෙන අදාළ ණය මුදල් පරිභෝජනය සඳහා වැය කිරීම ඉතාම සුලභව දැකිය හැකි බවත් 52% පමණ සිට ඉතා විශාල පොලී අනුපාත යටතේ ඇති මෙම ණය මුදල් වෙනුවෙන් තමන් ගෙවිය යුතු පොලී මුදල කොපමණ දැයි ජනතාව නොදැන සිටින බවයි.
රුපියල් 100 හෝ 1000කට ගෙවිය යුතු පොලී මුදල පමණක් සඳහන් කරමින් සත්‍ය වසන්කොට ලබා දෙන මෙම ණය මුදල් පියවීම සේම යළිත් එම ජනතාව එවැනි ණය මුදල් ලබා ගැනීමට පෙළඹීම වැළැක්වීම ද රජයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
-
Kumar Monday, 13 January 2020 10:28 PM
මහත්මයා කියන පොලියට නය දුන්නේ පුද්ගලික ආයතනයක් නම් එම ආයතන නම් කරන්නේ නැත්තේ ඇයි. මම ලංකාවේ ඉන්න කලේ මම අහල තිබුන සල්ලි පොලියට දෙන මැගි අක්ක ගැන. ඒ ගැහැණු කෙනාත් සල්ලි දෙන්නේ මසකට 10% පොලියට. ඒ කියන්නේ වසරකට 120% පොලියට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

