සිඟිති ගිණුම්වලින් බදු අයකිරීම මේ මාසයේදී ඉවතට?
නව දේශීය ආදායම් පනතට අදාළ සංශෝධන කිහිපයක් මේ මාසය තුළ පාර්ලිමේන්තුටවට ගෙනෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
නව දේශීය ආදායම් පනත හරහා කලාකරුවන්ට හා කුඩා දරුවන්ගේ සිඟිති ගිණුම්වලට ඇතිවී තිබෙන අපහසුතාව ඒ හරහා නිවැරදි කරන බවත් අමාත්‍යවරයා අද (09දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
“අලුත් ආදායම් පනතේ සංශෝධන කිහිපයක් මේ මාසයේදී අප ගේනවා. විශේෂයෙන්ම කලාකරුවන්ට යම් අපහසුතාවක් වෙලා තිබෙනවා. කුඩා දරුවන්ගේ සිඟිති ගිණුම්වලට යම් අපහසුතාවක් වෙලා තියෙනවා ඒ සියල්ල නිවැරදි කරන සංශෝධනය අගෝස්තු මාසය ඇතුළේම පාර්ලිමේන්තුවට ඇතුළත් කරනවා” යැයි සමරවීර මහතා වැඩිදුරත් පවසා සිටියේය.

popular news
-
Raawana Friday, 10 August 2018 08:17 AM
ආර්ථික ඔස්තාර් කරුන්කයාගේ වැඩක්නේ.රුපියල් 20ක් තෑගි ලැබෙන ලොතරැයිය,රුපියල් 30ක් කල හැටි මතකනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

