සිංහරාජයේ ගෝනා ඝාතනය කළ අය සොයා විශේෂ පරීක්ෂණ

සිංහරාජ රක්ෂිතයේ කුඩව ප්‍රදේශයේදී වෙඩි තබා ගෝනෙකු ඝාතනය කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. දැඩි ආරක්ෂිත ක්ෂීරපායී සත්ත්වයෙකු ලෙස නම් කර තිබෙන මෙම ගෝනාට තුවාල සිදු කිරීම හා ඝාතනය කිරීම දඬුවම් ලැබෙන වරදක් බවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මරණයට පත්ව සිටි ගෝනාගේ ශරීරයේ වෙඩි උණ්ඩ තිබෙන බවට සැකයක් පවතින බවත්, මේ හේතුවෙන් රත්නපුර අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත කරුණු වාර්තා කර පශ්චාත් මරණ පරීක්ෂණයට නියෝගයක් ලබාගත් බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය.
ශරීරය තුළ උණ්ඩ තිබුණොත් එම උණ්ඩ රසපරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.
වෙඩි වැදුණු ගෝනා වැද්දාගල, කුඩව සිංහරාජ වන සංරක්ෂණ පිවිසුම ආසන්නයේ කැලෑබද ප්‍රදේශයක වැටී සිටියදී සොයා ගැනිණි.
popular news
-
සමරතුංග Thursday, 13 September 2018 12:28 PM
ලංකාව විකුණගන කන උන්ට මේවා මොන කජ්ජක්ද? රට පාලනය කරන්න පවා ගොනුන් පත් උන රටක් මේක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

