සිංහයෙක් වගේ හමුදාවට අණ දෙන්න - SF යුද හමුදාපතිට කියයි
සිංහයෙක් මෙන් යුද හමුදාවට අණ දීමට කටයුතු කරන්නැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාට සුබ පැතුම් එක්කරමින් හිටපු යුද හමුදාපති, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ යුද හමුදාපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ෆොන්සේකා මහතා මේ බව සඳහන් කළේය.
" ඔබයි මමයි හමුදාවේදී ඉගෙන ගත්තා සිංහ හමුදාවකට ඔටුවෙක් අණ දුන්නොත් පරදිනවා. ඔටු හමුදාවකට සිංහයෙක් අණ දුන්නොත් දිනනවා කියලා. මම හමුදාව භාර ගන්න විට කඳවුරු දදා දුවන තත්ත්වයක සිටියේ. අපි ඒවා වෙනස් කළා. සිංහයෙක් වගේ හමදාවට අණ දෙන්න මම ඔබට සුබ පතනවා" යැයි ෆොන්සේකා මහතා පැවැසීය.

popular news
-
Champa Thursday, 01 August 2019 06:41 AM
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.................
Reply : 0 2
lion Friday, 02 August 2019 03:34 PM
රටවෙනුවෙන් ජීවිතිය පුජ කල ,කෙලින් කතාකරන පාර්ලිමේන්තුවේ සිටින එකම මිනිසා.
Reply : 0 28
චන්ද්‍රසිරි Saturday, 03 August 2019 08:43 PM
සරත් පොන්සේකා හපන්කම් කරේ ගෝටාභය ලේකම් තනතුරේ සිටි නිසා බව ඔහුට අමතක වී ඇත. හමුදා සෙබළුන් පවා පාවා දෙන කාලයකදී හමුදාපති හිවලෙකු ගානට වැටී ඇත. පොන්සේකා මහතා අද හමුදාපති නම් ඔහුටද අත්වන්නේ මේ ඉරණමමය්.
Reply : 18 0
lion Sunday, 04 August 2019 05:51 AM
චන්ද්‍රසිරි ගෝඨාබය ඉන්න ඔනෙය් නැහැ සරත් ෆොන්සේකාට hapankam පෙන්නන්න.ගෝඨාබය කියන්නේ උද්දෙට බයේ රට අත්හැර ගිය කෙනෙක්.නිල ඇඳුමට මුඅවෙලා අපරාදකරපු අය හමුදා නිලදාරීන් නොවී. තමුන්ගේ අම්ම thathage සොහොන් මහජන mudalin හදපුව hariwadada .සරත් ෆොන්සේකා වගේ kelin නඩුවලට ඉදිරිපත්වෙලා තමුන් නිර්දෝෂි කියල රටට පෙන්නන්න. මිනිස්සු එතකොට ගෝඨාබය මහත්තයට චන්දය දෙඉ.
Reply : 0 28
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

