සිංගප්පූරු ගිවිසුමට එරෙහිව පුළුල් පෙරමුණක් - GMOA
සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම හා අත්සන් කිරීමට නියමිත වෙළෙඳ ගිවිසුම පරාජයට පත්කිරීම සඳහා විද්වතුන්, වෘත්තීයවේදීන් හා ජනතාවගෙන් සමන්විත පුළුල් පෙරමුණක් පිහිටුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ඒ අනුව 30 වැනිදා පුළුල් පෙරමුණ ගොඩනැගීම ආරම්භ කරන බවත්, පුළුල් පෙරමුණ සමග එක්ව නීතිවිරෝධී සයිටම් ආයතන පරාජයට පත්කළ ආකාරයටම වෙළෙඳ ගිවිසුම පරාජයට පත් කිරීමට කටයුතු කරන බවත් අද (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
නීතිවිරෝධීව අත්සන් කළ සිංගප්පූරු ගිවිසුම හරහා එරට අපද්‍රව්‍ය, අමුද්‍රව්‍ය ලෙස පෙන්වා දෙමින් රට තුළට ගෙන ඒමට හැකියාව තිබෙන බවත්, මීට අමතරව රැකියා වෙළෙඳ පොළ සේවා සියල්ලම සිංගප්පූරුවට විවෘත වී තිබෙන බවත් ඔහු පවසා සිටියේය.

popular news
-
Don Monday, 27 August 2018 08:50 PM
GMOA Ex-co member 's blood has got Strike factor positive just like Resus Factor
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

