සිංගප්පූරුවේ හොඳම විදේශීය ගෘහස්ථ සේවිකාව ශ්‍රී ලංකාවෙන්
සිංගප්පූරුවේ ගෘහස්ථ අංශයේ සේවිකාවක වශයෙන් සේවය කරන ශ්‍රි ලාංකික කාන්තාවක් වන පී.ජසින්තා මහත්මිය 2020 වසරේ හොඳම විදේශීය ගෘහස්ථ සේවිකාව ලෙස සම්මාන හිමි කර ගෙන තිබේ.
පසුගිය දා (05) හොලිඩේ ඉන් සිංගප්පුර් ආට්රියම් හී පැවැති චීන අලුත් අවුරුදු දිවා භෝජන සංග්‍රහයකදී ඇය මේ සම්මානය දිනා ගත් අතර එරට රැකියා නියෝජිතයින්ගේ සංගමය විසින් ඇයට හිමි සම්මානය හා සිංගප්පූරු ඩොලර් 2000ක් (ආසන්න වශයෙන් රු.260000.00) ත්‍යාගය වශයෙන් ලබා දී තිබේ.
වසරේ ගෘහ සේවිකාව තෝරා ගනු ලබන්නේ පවුලට ඔවුුන් ලබා දෙන අසාමාන්‍ය දායකත්වය, රැකියාවේ සංකීර්ණතාවය සහ විදේශීය ගෘහ සේවිකාවන් ඔහුගේ හෝ ඇයගේ ස්ව්යං අභිවෘද්ධිය සඳහා ඇති කැපවීම මත පදනම් කරගෙනය.
ජැසින්තා මහත්මිය පළමු වරට සිංගප්පූරුවට පැමිණ ඇත්තේ 1990දී වන අතර ඒ ලැම් යොං සාං මහතාගේ පවුල වෙතය. ඇය නැවත 2007 දීත් එම පවුල වෙනුවෙන්ම රැකියාව කර ඇති අතර 2008දී ලැම් මහත්මියගේ ජීවිතය බේරාගැනීමේ තීරණාත්මක කාර්යභාරයක් ඉටුකර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
ජසින්තා මහත්මිය කුළියාපිටියේ පදිංචිකාරියකි.

popular news
-
ile Tuesday, 18 February 2020 10:37 PM
අනේ වාසනාවන්, වෙන රටවල් නොබෙල් තෑග්ග අරගෙන මෙහෙම ප්රවෘත්ති දාන කොට අපට මේකත් මදෑ
Reply : 0 4
Wimsl Wednesday, 19 February 2020 11:33 AM
Send her to the parliamrnt please
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
