සෑම පුරවැසියෙකුගේම ගරුත්වය හා ආරක්ෂාව රැකෙන ලෙස මම ක්‍රියා කළා - ජනපති
මැතිවරණ ඉලක්ක කර ගනිමින් රටේ ජන කොටස් අතර නොසන්සුන්තාවයන් ඇතිවන වෛරී ප්‍රකාශයන් ඇතැම් දේශපාලනඥයන් විසින් සිදු කළ ද රටේ සෑම පුරවැසියෙකුගේම ගරුත්වය සහ ආරක්ෂාව තහවුරු කෙරෙන වැඩපිළිවෙළ රාජ්‍ය නායකයා ලෙස තමා කි‍්‍රයාත්මක කර තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ මුස්ලිම් රටවල් එකමුතුවේ සාමාජිකත්වය ලබා සිටින මුස්ලිම් රටවල තානාපතිවරු සහ මහකොමසාරිස්වරු සමග අද (26) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ය.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව, ශ්‍රී ලංකාවට මෙම රටවල් ලබාදුන් සහයෝගය සහ දායකත්වය පිළිබඳව තානාපතිවරුන්ට ස්තූතිය පුද කළ ජනාධිපතිතුමා ඉදිරියටත් රටට ආර්ථික ආධාර අඛණ්ඩව ලබාදෙන ලෙසත්, ශ්‍රී ලංකාවට පැමිණිමේ දී සංචාරකයන්ට පනවා තිබෙන බාධා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.
ත්‍රස්තවාදී කටයුතු හමුවේ ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ විසින් සිදුකළ සාර්ථක මෙහෙයුම් පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කළ ජනාධිපතිතුමා එම කටයුතු සඳහා සියලූ දෙනා දැක්වූ සහය පිළිබඳව ද තම ස්තූතිය පුද කළේය.
මෙහිදී අදහස් දැක්වූ තානාපතිවරු සහ මහකොමසාරිස්වරු කියා සිටියේ කුමන තැනක වුවද ත්‍රස්තවාදය දැඩි ලෙස හෙළා දකින බවයි.
තුර්කිය, මැලේසියාව, පකිස්ථානය, එක්සත් අරාබි රාජ්‍ය, ඇෆ්ගනිස්ථානය, ඉන්දුනිසියාව, සවුදි අරාබිය, පලස්තීනය, බංග්ලාදේශය, කුවේට්, කටාර්, මාලදිවයින, ඉරාකය, ලිබියාව, ඉරානය සහ ඕමානය යන රටවල් නියෝජනය කරමින් තානාපතිවරු සහ මහකොමසාරිස්වරු මීට එක්ව සිටියහ.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ, ජනාධිපති අතිරේක ලේකම් ඇසළ වීරකෝන් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්වි සිටියහ.
කෂිනි හපුආරච්චි

popular news
-
bandara Wednesday, 26 June 2019 11:11 PM
එතකොට අර අප්‍රේල් 21 දා මියගිය අයගේ ආරක්ෂාව ඔබතුමාට අමතක උනාද?
Reply : 0 3
dharshana ranathunga Thursday, 27 June 2019 05:47 AM
එක නම් අපි හොදින්ම දන්නවා. රුට රුට ලයිට් නිවාගෙන එහෙම දාපු සෙල්ලම් ගැනද මේ කියන්නේ .දවල් මිගෙල් රු දනියෙල් ප්‍රතිපත්තියෙන් තමා මේ ආරක්ෂාව ලබා දුන්නේ.අපි ඒකනම් හොදින් ම දන්නවා.ස්තුතියි.සමුගන්න අවසර!
Reply : 0 2
Champa Thursday, 27 June 2019 09:32 AM
අපූරුවට ආරක්ෂා කළා. මිනිස්සු 370 කට වඩා මරල 500 ගානකට තුවාල කරලා. දවුරෝ 170 ගානකට දෙමව්පියෝ නැති කරලා දුන්න ආරක්ෂාව මොකක්ද? හොඳ වෙලාවට වහල් ආණ්ඩුවේ උගුලට සිංහලයෝ අහු වෙච්ච නැති නිසා හොඳයි නැත්නම් කලබල ඇති වුනානම් සිංහලයන් සංහාරයක් වෙන්න තිබ්බ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

