සෑම අමාත්‍යාංශයකම විදේශිකයන් - මහින්ද
සෑම අමාත්‍යාංශයකටම විදේශිකයන් ඇතුළුවීම ආරම්භ කර ඇති බවත් මැතිවරණ කොමසාරිස් කාර්යාලයට හා අල්ලස් කොමිසමටද විදේශිකයන් අතුළුවීම ආරම්භ කර ඇති බවත් හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙනත් ජාතීන්ගේ ඡන්ද අවශ්‍ය නොවන බව සඳහන් කරමින් අසත්‍ය ප්‍රකාශයක් ගෙන යන බවත් දේශපාලන පක්ෂයකට ඡන්ද අවශ්‍ය නැහැ කියන පුද්ගලයින් ඉන්නවාද? යනුවෙන ප්‍රශ්න කරන බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
දේශපාලන පක්ෂයකට සෑම ජාතියකම, සෑම ආගමකම ඡන්ද අවශ්‍ය බවත් පක්ෂයක සෑම ජාතියක්ම, සෑම ආගමක්ම නියෝජනය කරන අය සිටිනා බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.
මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ විද්වත් වෘත්තිකයින්ගේ ප්‍රධාන කාර්යාලය වන පවුර ප්‍රධාන කාර්යාලය හා එහි වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයට ඊයෙ (05දා) එක්වෙමිනි.
නුගේගොඩ පිටකෝට්ට පාරේ සියපත ගොඩනැගිල්ලේ දෙවන මහලේ මෙම කාර්යාලය පිහිටා ඇත.
“රටේ අනාගතය ගැන මෙන්ම සමාජ, ආර්ථික ප්‍රශ්න ගැන බැලුවාම රටක් අවුරුදු 04ක් තුළ මෙහෙම විනාශ කළ හැකි දැයි කියා සිතෙනෙවා. ප්‍රශ්න වලින් මඟ හරින්න ආණ්ඩුව දවස ගානේ අලුත් ප්‍රශ්නයක් මවනවා.
පසුගියදා සිදු වූ සිදුවීමත් සමඟ රටට වගේම කිසිම ජාතියකට ආරක්ෂාවක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ජාතියක්ම අනාරක්ෂිත තත්වයට පත්වෙලා. තාත්තට පාසලට ගිහින් තම දරුවා පාසලෙන් ගන්න බැරි තත්වයක් උදාවෙලා.
ළමයා ගන්නගිය තාත්තට වෙඩි තියලා මරනවා. එවැනි තත්වයක් රට තුළ උදාවෙලා. ජාතීන් අතර සැකය ඇතිවෙලා.
රටක් ඉදිරියට යන්න අරමුණක් තිබිය යුතුයි. 2005දී ජනතාව අපෙන් ඉල්ලුවේ යුද්ධය අවසන් කරදෙන ලෙසයි. වසර 30ක් තිබූ යුද්ධය වසර තුනහමාරකින් අපි අවසන් කළා. ඊළඟට තිබුණේ සංවර්ධනය ආරම්භ කිරීමයි.
අපි එයත් කළා. වසර 30ක් යුද්ධයෙන් බැට කාපු උතුරු නැගෙනහිර පළාත්වලත් යටිතල පහසුකම් ගොඩ නගමින් සංවර්ධනය කළා.
අද රටට විවිධ බලපෑම් එන්න පටන් අරගෙන. විවිධ ගිවිසුම් වලින් රට පාවා දෙන්න හදනවා. සෑම අමාත්‍යංශයකටම පිටරැටියන් ඇතුළුවෙලා. පාර්ලිමේන්තුවේ ප්‍රථම වාතාවට ඇමරිකානු ඩොලර් වලින් පඩි ලබන නිලධාරීන් පත්කරගෙන. මැතිවරණ කොමසාරිස් කාර්යාලයට, අල්ලස් දෙපාර්තමේන්තුවට මෙන්ම රටේ අනෙකුත් ආයතන වලටත් විදේශකයින් ඇතුල් වෙන්න පටන් අරගෙන.”

popular news
-
Wimal Saturday, 06 July 2019 11:57 AM
Parliament is full of foreigners ( dual citizens)
Reply : 0 1
Champa Saturday, 06 July 2019 04:27 PM
ජනතාව දෙමල මුස්ලිම් කේවල් දේශපාලනය ප්‍රතික්ෂේප කරනවා. සිංහලයෝ මෙච්චර ඉවසා ගෙන ඉන්නේ ජනාධිපතිවරණයක් ළඟ එන හින්ද. මිනිස්සු මේ මුස්ලිම් ප්‍රශ්නෙදි මොන තරම් පීඩනයකින් හිටියද මොන තරම් ඉවසීමකින් හිටියද කියන එක චන්ද ප්‍රතිඵල වලින් පෙනෙයි. අනිවාර්යයෙන්ම ඊළඟ ආණ්ඩුවේ රිෂාඩ් සහ අනිත් කේවල් මුස්ලිම් දේශපාලකයෝ ඉන්න බැහැ. එහෙම එන පක්ෂ මිනිස්සු ප්‍රතිෂේප කරනවා. සිද්ධ වෙන්නේ මන් කියන දේ නෙමෙයිද කියලබලන්න පුළුවන් ඉස්සරහට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

