මුදලින් රු ලක්ෂ 23ක් හා රු 83000ක චෙක්පතක් කොල්ල කෑ බවට ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කළ විධායක නිලධාරීවරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහණ මහතා පැවැසීය.
හෙයියන්තුඩුව ප්‍රදේශයේ සමාගමක විධායක නිලධාරීවරයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර සමාගමෙන් විවිධ අවස්ථාවලදී ලබාගත් මුදල් පියවීම වෙනුවෙන් මෙම කොල්ලකෑම සැලසුම් කර ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
තම බිරිඳගේ සහෝදරයා ලවා පුද්ගලයන් දෙදෙනකුට මුදල් දී මුදල් තැන්පත් කිරීමට යාමේදී බෑගය කොල්ලකන ලෙස මෙහිදී සැලසුම් කර තිබේ.
කෙසේ වෙතත් එම අවස්ථාවේදි බෑගයේ තිබී ඇත්තේ රුපියල් 50000කට ආසන්න මුදලක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
මේ පිළිබඳව පරික්ෂණ පැවැත්වූ මීගවත්ත පොලිසිය ව්‍යාජ කොල්ලකෑමක් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළ විධායක නිලධාරීවරයා හා ඔහුගේ බිරිඳගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.
බෑගය රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනා සෙයා පරික්ෂණ පවත්වන අතර ඔවුන් පැමිණි යතුරුපැදිය අත්අඩංගුවට ගෙන තිබේ.