පැල්මඩුල්ල පොලිස් වසමේ නාරංගොඩ ප්‍රදේශයේදි සැමියා විසින් තම බිරිඳට පොරවකින් අද (30) පහර දි මනුෂ්‍ය ඝාතනයක් කර ඇති බවට පැල්මඩුල්ල පොලීසියට ලද තොරතුරක් අනුව විමර්ශන සිදු කරනු ඇත.
මරණකාරිය අවු.38ක්වු නාරංගොඩ , පැල්මඩුල්ල ලිපිනයේ පදිංචි මාරිමුත්තු තමිල් සෙල්වි යන අය වේ.
පවුල් ආරවුලක් මත මෙම මනුෂ්‍ය ඝාතනය සිදු වි ඇති අතර සිද්ධිය සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.