මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනතෙක් තද වැසි ඇතිවීමේ හැකියාව අවම තත්ත්වයේ පවතින නමුත්, දෙවැනි අන්තර් මෝසම් ඇති වීමත් සමග ලංකාවේ බොහෝ ප්‍ර‘දේශවලට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
නිරිතදිග මෝසම තුළින් ඉදිරි කාලය තුළ කඩින්කඩ වැසි ඇතිවිය හැකි බවත්, එහෙත් එම වැසි දිනකට හෝ දෙකකට සීමාවන බවත් කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතාෙ 'අද' කළ විමසීමකදී පැවසීය.
බස්නාහිර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍ර‘දේශවලට හෙට (30දා) දිනයේදී වැසි ස්වල්ප වශයෙන් ඇති විය හැකි බවත්, සෙසු බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වන බවත් ඒ මහතා පවසා සිටියේය.
