සැඩ පහරට හසුවු ජිවිතය
නාවික හමුදාව විසින් අද (25) උදෑසන කන්කසන්තුරේ තල් සෙවන වෙරළ තීරයේ සිටි කුස්බෑවෙකු බේරා ගැනිමට සමත් වි ඇත.
ඒ අනුව නාවික හමුදාව විසින් සැඩ රළ පහරට හුසුවී තල් සෙවණ මුහුදු තීරයේ ගල්පර අතර තුවාල ලබා සිරවි සිටි හොඳින් වැඩුනු කැස්බෑවෙකු බේරා ගැනිමට නාවික හමුදාව සමත් වි ඇත.
මෙලෙස බේරා ගන්නා ලද කැස්බෑවා ගොඩබිමට රැගෙනවිත් කඩිනම් ප්රතිකාර සඳහා කිලිනොච්චිය,වනජිවි දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලදි.
තවද, වඳවි යන සත්ව විශේෂයක් ලෙස නම් කර ඇති කැස්බෑවන් වර්ග 07 ක් ලොව පුරා දැකිය හැකි වන අතර, එයින් වර්ග 05කට අයත් කැස්බෑවන් ශ්රී ලංකා මුහුදු තීරයේදී දැක බලා ගත හැකිය.
මෙම වඳවී යන සත්ව විශේෂය ආරක්ෂා කර ගැනීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයක් මත ක්රියාත්මක ‘නීල හරිත සංග්රාමය’ යටතේ කැස්බෑ සංරක්ෂණය සඳහා ද නාවික පුද්ගලයින් සිය දායකත්වය සැපයිමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.

popular news
-
ගමගේ Thursday, 26 December 2019 12:12 AM
හොදම වැඩක්.... සතුන් නැති ලොව අපිද නොරැදේ.. ඔබ සැමට මාගේ ප්රණාමය ... බුදු සරණයි...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

