අයි එස් සංවිධානය හා සබඳකම් ඇති වහාබ්වාදී ත්රස්තයන් 1000කට අධික පිරිසක් ද ත්‍රස්ත කඳවුරු 17ක්ද මේ රට තුළ තිබෙන බව අරක්ෂක අංශ මගින් කළ විමර්ශනවලදී අනාවරණය වී තිබුණත් වත්මන් පාලකයන් වගකීම් විරහිත ප්‍රකාශ කරමින් එම තත්ත්වය පිළි නොගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාර වලින් පසු ගෙවී ගිය මාසයක කාලය නිකරුණේ ගෙවා දැමූ බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.
අද (23) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි තරුණ කටයුතු ලේකම්, උදයශාන්ත ගුණසේකර මහතා මෙසේ චෝදනා කර සිටියේය.
පසුගියදා අත්අඩංගුවට පත් කුරුණෑගල රෝහලේ තාක්ෂණ ශිල්පියකු ලෙස සේවය කළ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ප්‍රබලයකු ආරක්ෂක අංශ වලට පවසා තිබුණේ අයි එස් සංවිධානයේ පුහුණුව ලැබූ ඕනෑම ත්‍රස්ත ප්‍රහාරයකට යොමු කළහැකි 1,000කට වැඩි පිරිසක් මෙරට සිටින බවයැයි ද එහෙත් රටේ සේනාධි නායකයා පවසන්නේ රට තුළ ඇත්තේ ත්‍රස්තවාදින් 158 දෙනෙකු පමණක් බවද යනුවෙන් ඔහු සඳහන් කළේය.
රට තුළ සිටින වහාබ් ත්රස්තවාදීන්ටත් වඩා භයානක ඔවුන්ට උඩගෙඩිදුන්, ඔවුන්ගේ ආරක්ෂකයන් ලෙස කටයුතු කළ රිෂාඞ් බදුර්දීන්, අසාත්සාලි, හිස්බුල්ලා හා මුජිබර් රහුමාන් යන අය බව තේරුම් ගැනීම ඉතා වැදගත් බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ඔවුන්ගේ ඡන්ද කුට්ටිවලට කෑදර වී ජනජීවිත සමඟ කරන මේ ‘දාංඇදිල්ල’ දැන්වත් නතර කළ යුතු බව ද ඒ මහතා අවධාරණය කළේය.
සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ අන්තවාදයන් පැරද විය හැකි, කිසිදු අන්තවාදයකට වැඞීමට ඉඩ නොදෙන පාලනයක් තුළින් පමණක් මේ ප්රශ්නය විසඳිය හැකි බවත් ශරියා නීති, විවිධ විවාහ නීති ආදිය අහෝසි කර මුළු රටම එකට නීති පද්ධතියක් යටතට ගෙන ඒම සිදු කළ හැක්කේ ද එවැනි පාලනයක් යටතේ බවත් ගුණසේකර මන්ත්‍රිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
කෂිනි හපුආරච්චි
