සාලියවැව හෙරොයින් ජාවාරම්කරු නවගත්තේගමදී අත්අඩංගුවට
නවගත්තේගම රළපනාව අලිවැට ආසන්නයේදී හෙරොයින් ජාවාරමට සම්බන්ධ ප්‍රබලයකු ( 17 ) අලුයම හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ සාලියවැව පොලිස් වසමේ 22 කනුව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි හෙරොයින් ජාවාරමට සම්බන්ධ ප්‍රබලයකු බව පැවසේ.
අත්අඩංගුවට ගත් සැකකරු ඔහු ගමන් කරමින් සිටි යතුරුපැදියේ සඟවා තිබු හෙරොයින් ග්‍රෑම් 1 .900ක ප්‍රමාණය කුඩා පැකට් 64ක සකස් කර තිබු බව පොලිස් නිලධාරීන් පවසයි.
නවගත්තේගම පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නවින් ඉන්ද්‍රජීත් දයානන්ද මහතාට ලැබුණ තොරතුරක් මත මෙසේ අත් අඩංගුවට ගෙන තිබුනී.
වසර කිපයක සිට මෙම සැකකරු සාලියවැව ඇතුළු ප්‍රදේශ ගණනාවක මෙම ජාවාරම සිදුකර ඇති බව පැවසේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 17 දින ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
