සාරවත් දේශයක වාපි සංග්‍රාමය, එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණය ජනපති ප්‍රධානත්වයෙන්
සාරවත් දේශයක වාපි සංග්‍රාමය, එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කුරුණෑගල දිස්ති‍්‍රක් සමාරම්භක උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල බටහිර පඩුවස්නුවර පිහිටි කොටකිඹුලාකඩ අමුණු අසල දී හෙට (12) පස්වරුවේ පැවැත්වේ.
පුරන් කුඹුරු අක්කර 3000ක් අස්වද්දමින් පවුල් දහසක කෘෂි ආර්ථිකය සවිබල ගන්වමින් සමගාමී වැව් අමුණු 21ක් සංවර්ධනය කිරීම ව්‍යාපෘතිය යටතේ සිදු වේ.
එල්ලංගා පද්ධති මඟින් සබැදුණු ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණ කිරීමේ මහා වාරි සද්කාරය 2018-09-21 වන දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ මහවිලච්චිය, නබඩගස්දිගිලිය වැව අසල දි ආරම්භ කෙරිණි.
එල්ලංගා පද්ධති ව්‍යාපෘතිය යනු වියළි කලාපය තුළ මේ වනවිට අකී්රයවී ඇති එල්ලංගා වැව් පද්ධතීන් නැවත ප්‍රතිසංස්කරණය කර එම ප්‍රදේශවල ජනතාවට වාරි ජලය සැපයීම වෙනුවෙන් ඇරඹූ ව්‍යාපෘතියකි.
ශ්‍රී ලංකාව සතු ගම කේන්ද්‍රකරගත් වාරි තාක්ෂණය හෙවත් එල්ලංගා ගම්මාන ක්‍රමවේදය එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම පිළිබඳ සංවිධානය මගින් ද ලොව වැදගත් කෘෂිකාර්මික උරුමයක් ලෙස හදුනාගෙන තිබේ.
ශ්‍රී ලංකාවට අනන්‍ය වූ මේ සාම්ප්‍රදායික කෘෂි තාක්ෂණික ක්‍රමවේදය මගින් මෙරට කෘෂිකර්මාන්තයේ සහ කෘෂි ආර්ථිකයේ පිබිදීමක් ඇති කිරීමේ අරමුණින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීමෙන් ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවිණි.
කෂිනි හපුආරච්චි

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

