මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරියේ යෙදුණු ශ්‍රී ලංකා යුධ හමුදා භට පිරිසක් අද (14දා) දහවල් කටුනායක ජ්යත්යන්තර ගුවන්තොටුපළොන් දිවයිනට ළඟා විය.
176 දෙනෙකුගෙන් යුත් භට පිරිසක් මෙලෙස දිවයිනට පැමිණි අතර ඔවුහු 2017 නොවැම්බර් 06 සාම සාධක කටයුතු සඳහා දිවයිනෙන් බැහැරව ගියේය.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණි සාමසාධක හමුදා භට පිරිස් පිළිගැනීම සඳහා මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මහතා ඇතුළු යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් කටුනායකට පැමිණි සිටියහ.
ජාඇල ප්‍රසංග පෙරේරා
