සාමකාමී ජනාධිපතිවරණය මෙවර
ජනාධිපතිවරණ ඉතිහාසයේ 1982 වසරේ සිට 2019 දක්වා පවත්වා තිබෙන ජනාධිපතිවරණවලින් සාමකාමීම මැතිවරණය මෙවර ජනාධිපතිවරණය බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
පූර්ව මැතිවරණ කාලයේ සිට මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කර ගෙවී ගිය කාලය පවා පොදුවේ සාමකාමී වූ බවද එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
2019 ජනාධිපතිවරණයට අදාළ අතුරු වාර්තාව එළිදක්වමින් ඊයේ (26දා) මේ බව සඳහන් කළ විධායක අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙවර මැතිවරණයේදී මනුෂ්‍ය ඝාතන සිද්ධීන් පැහැරගැනීම වෙඩි තැබීම හෝ වෙනත් පිපිරීම් සිදු නොවූ බවත්ය.
එසේම පහරදීම්, දේපළවලට හානි සිදුවීම, තර්ජනය කිරීම, ප්රචණ්ඩ ක්‍රියා අනෙකුත් මැතිවරණවලට සාපේක්ෂව විශාල ලෙස අඩු වූ බවද සඳහන් කළේය.
popular news
-
Kumar Friday, 27 December 2019 08:36 AM
සාමකාමී ජනාධිපති වරණයෙන් පසු ඇතිවෙන්නේ බිෂණය කියල දන්නේ නැද්ද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

