සාමාන්‍ය පෙළ විභාගය මේ මස 12 වන දින අවසන් වෙන බවත්, විභාගය අවසන් වූ පසු සියලුම සිසුන් සාමකාමී ලෙස විසිර යා යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේ නොමැතිව කළහකාරී ලෙස හෝ අනෙක් සිසුන්ට බාධාවන ආකාරට හැසිරුණහොත් හෝ පොදු දේපළවලට අලාභයක් සිදුකළහොත් විභාග ප්‍රතිඵල අත්හිටුවීමට කටයුතු කරන බවද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් විභාග ශාලාධිපතිවරුන්ට අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙන බවත්, මීට අමතරව දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර තිබෙන බවද පවසා සිටියේය.
මේ පිළිබඳව 1911 හෝ 0112784208 හෝ 0112784537 දුරකථන අංක මගින් විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවට දැනුම් දිය හැකි බවත්, මීට අමතරව 119 හෝ 0112421111 දුරකථන අංක මගින් පොලිස් මූලස්ථානයට පැමිණිලි කළ බවද පවසා සිටියේය.
