ස්විස් සේවිකාවට ඇප ලැබීම ගැන ස්විස් විදේශ අමාත්‍යාංශයේ ප්‍රසාදය
තමාව පැහැර ගැනීමට ලක්වූ බව සඳහන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීය සේවිකාව ඇප මත නිදහස් කිරීම ස්විස් රජයේ ප්‍රසාදය හිමිව තිබේ.
ස්විස්ට්සල්නත විදේශ කටයුතු අමාත්‍යාංශය සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරන්නේ තම සේවකාව ඇප මත නිදහස් කිරීමට ගත් තීරණය සාදරයෙන් පිළිගන්නා බවයි.
popular news
-
Champa Tuesday, 31 December 2019 10:12 PM
මේ නඩුවේ ආණ්ඩුව පැත්තේ බොහොම ප්‍රසිද්ධ රජයේ නීතිඥවරයාට අධිකරණය කිව්වා තහවුරු නොකළ කාරණා ඉදිරිපත් කරලා ඉල්ලීම් කරන්න එපා කියල. අනිත් එක මෙච්චර ප්‍රශ්න කරලත් සීඅයිඩී එකට බැරි වුනා මේ සිද්ධිය බොරුවක් කියල අධිකරණයට ඔප්පු කරන්න. දැන් තමයි CCTV බලන්න අධිකරණයෙන් අවසර ඉල්ලන්නේ. ඊට කලින් මුල ඉඳන්ම කිව්වා CCTV වල මුකුත් නැහැ කියල. ඒ කියන්නේ දෙයක් තිබ්බ නම් මකල දාල තියෙනව. මේ ගැන මට තියෙන අමාරුව තමයි මේ දේ මමත් ඇතුළු තව ඕනේ කෙනෙකුට වෙන්න පුළුවන් දෙයක් කියන එක. වින්දිතය විත්තිකාරය කරන එක දේශපාලන බලය තියෙන කොට සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

