මාතර , වැලිගම ප්‍රාදේශිය සභාව මගින් ක්‍රියාත්මක “කෘෂි නවෝදය” වැඩසටහන යටතේ බීජ සහ පොහොර නොමිලේ බෙදා දෙන වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13දා) වැලිගම ප්‍රාදේශිය සභාවේදී පැවැත්වුණි.
එහිදි සහල් අර්බුදය සම්බන්ධව අදහස් පලකල අමාත්‍යවරයා මෙසේ පැවසිය .
“ හැම ගෙදරටම අපි දෙන්න ඔින ගෙදරට පෝෂණය දනවන ආහාර ටිකක් , අපි දෙන්න ඔින මුරුංගා පැලයක් කතුරු මුරුංගා පැලයක් ඒවා වැඩිවෙන්නෙ නැහැ . පහුගිය වෙිලාවෙි තමයි අපි කිවුවෙි ආහාර හිගයක් එනවා කියලා , ලෝක ආහාර සංවිධානය අපිට අනතුරු අගවලා තිබුනා . ඒක අදත් තියෙනවා , අපි ඒ දැනුම් දිම කලා . ඒ දැනුම් දිම කලාම මිනිස්සු බයවුනා බයවෙලා එක එක දේවල් කරන්න ගත්තා .
නරක සහ හොද කියලා ප්‍රතිචාර දෙකක් තිබුනා නරක ප්‍රතිඵලය මම ඉස්සෙල්ලා කියන්නම් , හොද ප්‍රතිඵලය පස්සේ කියන්නම් . නරක ප්‍රතිඵලය තමයි කටිටිය කලබල වෙලා වි එකතු කලා , හාල් එකතු කලා , අනිත් කෑම එකතු කරන්න ගත්තා . හැබැයි කිසිම අවබෝධයක් නැතුව තමයි ඒ කටයුත්ත කළේ . මෙි හාල් වල දින දාලා තියෙනවා අවුරුද්දක් විතර , නමුත් මාසයක් දෙකක් විතර යනකොට ඔිවයි ගුල්ලෝ ගහනවා . අපේ ගෙදරත් මම බැලුවා , මොකද පහුගිය කාලේ හාල් බෙදලා දෙන වැඩසටහන් ක්‍රියාත්මක කලා , ඒවයි ගෙනාවා , 2023 ට දින දාලා තියෙන්නේ , 2022 මෙි වෙනකොට ගුල්ලෝ ගහන්න පටන් අරගෙන , හාල් එහෙම තියාගන්න බැහැ .
හාල් බැග් එක ගෙදර ගිහින් තිවුවට වැඩක් නැහැ ගුල්ලෝ ගහනවා . ඊලගට වි ටික ඒවත් එහෙම ගිහින් තියා ගන්න බැහැ , වි නරක් වෙනවා . මෙි මොනවත් දන්නැති මිනිස්සු වි ටික අරන් යනවා . කටිටිය හිතනවා මෙි හෙට අනිද්දා කන්න නැතිවෙයි කියලා එහෙම දෙයක් නෙමෙයි කිවුවේ වගා නොකර හිටියනමි එහෙම වෙන්නේ” යැයි පැවසිය .
මම කෘෂිකර්ම ඇමතිවරයා වුනාම අපේ අය මට කිවුවෙි යල් කන්නයේ සැලසුමි කරලා තිබුනේ දෙලක්ෂ හැත්තැපන්දහසක් විතර කුඹුරු වගා කරන්න . හැබැයි අර හොද පැත්ත තමයි අර පොඩිඩක් බයවුනා මිල යනවා , කන්න නැති වෙනවා කියලා එතකොට දැන් මට වාර්තා කරලා තියෙනවා කෘෂිකර්ම දෙපාර්තමෙින්තුවෙන් හාරලක්ෂ හැත්තදාහකට විතර දැනටම වැඩිවෙලා තියෙනවා . මෙි සති දෙකක් ඇතුලත , අර පෝර නිකමි දිපු යල කන්නයට වැඩිය මෙි කන්නයේ කුඹුරු හාරලක්ෂ හැත්තදාහක් වැඩ කරලා තියෙනවා .
දැන් එතකොට කොහාමද හාල් ප්‍රශ්නයක් ඇතිවෙන්නේ . ඒ නිසා සහල් ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නැහැ . පසුගිය කන්නයේ අස්වැන්න තියෙනවා තව මාස කිපයකට යල කන්නයේ ඔය ලැබෙන අස්වැන්න අපි ඒවට කාබනික සහ රසායකික පොහොරත් දෙනවා . එතකොට මෙි අවුරුද්දේ අවසානය වෙනකල් වි සහ හාල් ඇතිවෙන්න ප්‍රමාණයක් අපිට තියෙනවා . අපි අතැරලා දාලා හිටියනමි මොකද වෙන්නේ මාස 3 න 4 කින් එහෙම වෙන්න තිබුනා . එක නැතිවුනේ කවුරුත් එකතු වෙලා මෙි අභියෝගය භාරගත් නිසයි ” යැයි අමරවිර මහතා වැඩි දුරටත් පැවසිය .
මහේෂ් මලවර ආරචිචි
