සහන ලබාදීමේ යාන්ත්‍රණය නිර්දේශපාලනීකරණය විය යුතුයි - සජිත්
කොරෝනා වෛරසය පැතියාමේ අවදානම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන ලබාදීමේ යාන්ත්‍රණය නිර්දේශපාලනිකරණය කළ යුතු බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ, රාජ්‍ය අරමුදල්වලින් ජනතාවට සහන ලබා දීමේදී එම මුදල් බදු ගෙවන ජනතාවගේ මුදල් බවත් මතක තබා ගත යුතු බවයි.
ජනතාවට සහන සැලසීමේ යාන්ත්‍රණය නිවැරදිව ක්‍රියාත්මක විය යුතු බවත්, එය රජයේ නිලධාරීන්ගෙන් පමණක් විය යුතු කාර්ය්යක් බවත්, ඔවුන් එය ඉතා වගකීමෙන් ඉටු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඒ මහතා කියා සිටියේය.
සහන සැලසීමේ කටයුතු විනිවිදභාවයකින් යුතුව කළ යුතු බවත්, ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී ද නිර්පාක්ෂික විය යුතු බවත් ප්‍රකාශ කළේය.
ප්‍රතිලාභීන් තේරීමේ කාර්ය කිසිදු පක්ෂයක කොට්ඨාස දේශපාලන මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීමෙන් සිදු නොවිය යුතු බවත්, එය වහාම නතර කර ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කර ගත යුතු බවත් වැඩිදුරටත් කියා සිටියේය.

popular news
-
hjunk Saturday, 04 April 2020 10:28 PM
මේක රට කන්න වගේ කට ඇරගෙන ඉන්නෙ
Reply : 0 0
Devinda Uduwara Sunday, 05 April 2020 02:37 AM
When BASIL was appointed to Taskforce as Chief where were you? You should have opposed to this political appointment.
Reply : 0 0
Gamini Abheyadeera Sunday, 05 April 2020 05:19 AM
මෙයා කට වහගෙන ඉන්නවනම් චන්ද ටික බේරගන්න පුළුවන් . කියන කතා නිසා තියන චන්ද ටිකත් නෙති වෙනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

