සවස් කාලයේ වැස්ස නොවැම්බර් මුල් සති දෙක දක්වා
සවස් කාලයේ පවතින වැසි තත්ත්වය නොවැම්බර් මස මුල් දෙසතිය පුරාවට පැවතිය හැකි බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට(24දා) දිනය තුළ සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ උදෙනි වීරසිංහ මහත්මිය සඳහන් කළාය.
බස්නාහිර, මධ්‍යම, ඌව සහ සබරගමු පළාත්වලටත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලටත් අද මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවත්, මේ නිසා අකුණු අනතුරු වළක්වාගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවත් ඇය පවසා සිටියාය.
උතුර, වයඹ, බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍ර‘දේශවල උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍ර‘දේශවල සුළඟේ වේගය තාවකාලිකව ඉහළ යා හැකි බවත් කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥවරිය සඳහන් කළාය.

popular news
-
l u vishwa senadi Sunday, 28 October 2018 07:50 AM
මට යෞ ටුබේ හදන හැටි ඕන .......................... .....................
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

