සර්ව පාක්ෂික සමුළුවේදී සිදුවූයේ කුමක්ද - උදය ගම්මන්පිල
ඊයේ දින ජනාධිපතිතුමන්ගේ කැඳවීමෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වුණු සර්ව පාක්ෂික රැස්වීමේ දී සිදුවූයේ කුමක්දැයි රටම කුතුහලයෙන් බලාගෙන සිටිනවා. ඊයේ ඇත්තටම සිදුවූයේ කුමක්ද ? ජනාධිපතිතුමන් මේ රැස්වීම කැඳවූයේ මේ වන විට පාර්ලිමේන්තුවේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්වය සහ අගමැතිවරුන් දෙදෙනා ගේ අර්බුදය විසදීමේ අරමුණින්. නමුත් මේ අර්බුදය ලේ වැගිරෙන අර්බුදයක් බවට පත් වෙනවා දකින්නට කැමති, මිනීමැරුමක් සිදු වෙනවා දකින්න කැමති, ඒ වගේම ඒවා හරහා ජාත්‍යන්තර මැදිහත්වීමක් සිදු වෙනවා දකින්නට කැමති, ජනතා විමුක්ති පෙරමුණ සහ කථානායක කරු ජයසූරිය මැතිතුමා මෙම සර්වපාක්ෂික හමුව වර්ජනය කිරීමට තීරණය කර තිබුණා.
අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, විපක්ෂ නායක ආර් සම්බන්ධන් මැතිතුමා, ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන අනිකුත් පක්ෂ සියල්ලේම නායකයන් මේ රැස්වීම සඳහා සහභාගි වුණා. මෙහිදී මුලින්ම කතාකලේ සුමන්දිරන් මන්ත්‍රීතුමන් සහ රවුෆ් හකීම් මන්ත්‍රීතුමා. මේ අයගේ අදහස වුණේ ජනාධිපතිතුමන් විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමන් අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් බවයි. ඒ නිසා ඔවුන් ඊට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනා බවත් එම විශ්වාස භංග යෝජනාව සම්මත වී ඇති බැවින් දැන් එක්සත් ජාතික පක්ෂයට අගමැතිවරයකු පත් කර ගැනීම සඳහා අවස්ථාව ලබාදිය යුතු බවයි.
එම අවස්ථාවේදී මා විසින් ප්‍රශ්න කර සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමන වගන්තිය ජනාධිපතිතුමා විසින් උල්ලංඝනය කර තිබෙන්නේ දැයි ප්‍රකාශ කළ යුතු බවයි. නමුත් එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකුටත් ඒ සඳහා උත්තරයක් තිබුණෙ නැහැ. එහිදී මා පෙන්වා දුන්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත්ද නැද්ද යන්න පිළිබඳව ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ ඒකාධිකාරි තනි බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවයි. පාර්ලිමේන්තුවට ජනාධිපති ලේකම් කාර්යාලයට හෝ වෙනත් ස්ථානයකට එවැනි බලයක් නැහැ.
එයට ප්‍රතිචාර දක්වමින් අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමන් ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් සම්මත වී ඇති බවත් එම යෝජනා සම්මතයෙන් අනතුරුව එය අභියෝගයට ලක් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයට තබා ශ්‍රේෂ්ඨාධිකරණයට වත් හැකියාවක් නොමැති බවයි. ඒ නිසා විශ්වාසභංග යෝජනාව සම්මත වූවා කියන ස්ථාවරයේ සිට ඉදිරි වැඩ කටයුතු කළ යුතු බවයි.
මා ඒ අවස්ථාවේ හැන්සාඩ් වාර්තාව කියවමින් පෙන්වා දුන්නා ඔවුන් කියනා දෙය නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවේ සිදුවී නොමැති බවයි.
ඔබට මතක ඇති 2018 මාර්තු 21 එවකට අගමැති ධූරය දැරූ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව විවාදයට ගනු ලැබුවේ අප්‍රියල් මස 4 වැනිදා යි. ඒ අනුව පැහැදිලියි යම් කාලයක් මේ සඳහා තිබෙන බව.
සිය හැත්තෑ තුන් වෙනි උපන්දිනය එදිනට යෙදී තිබුණු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතා සංවේදී කතාවක් එහිදී පැවසුවා. “ මට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත වූ බව විපක්ෂය විසින් පවසනවා. නමුත් එවැනි යෝජනාවක් මා ඇස් දෙකෙන් තවම දැකලා නැහැ. මට විරුද්ධව ඇති චෝදනා මොනවාදැයි මම වත් දන්නේ නැහැ. ඒ වගේම මේ විශ්වාසභංගය සම්මත කරන්නට කටයුතු කරන වෙලාවේ මා නැගී සිට ප්‍රකාශයක් කරන්නට හැදුවත් කථානායකතුමන් මට ඒ සඳහා ඉඩ ලබා දුන්නේ නැහැ. මිනීමැරුමක් කරලා එල්ලූම්ගහට ගෙනයන මිනීමරුවාට නිදහසට කරුණු කීමට අවස්ථාවක් ලැබෙනවා. නමුත් මට එවැනි අවස්ථාවක් ලැබුණේ නැහැ “ යැයි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමන් එහිදී ප්‍රකාශ කර සිටියා
කතානායකතුමා පිහි රැගෙන මන්ත්‍රීවරුන් මරා දැමීමට එන මන්ත්රීවරුන්ව ආරක්ෂා කිරීමේ පිලිවෙතකට තල්ලු උනහම මේ දක්වා ඔවුන්ට විරුද්ධව පියවර ගැනීමට කටයුතු නොකළහම, පක්ෂ නායක රැස්වීමේදී ඔවුන්ට එරෙහිව කටයුතු කිරීම ප්‍රතික්ෂේප කළ හම, තමන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මන්ත්‍රීවරුන් කලබලකාරී ලෙස හැසිරුණා. මොකද ඕනෑම කෙනෙක් තමන්ගේ ජීවිතය තර්ජනයකට ලක් වූ විට හැසිරෙනුයේ සාමාන්‍ය ආකාරයෙන් නොවේ. මිනිසෙක් නොව සතෙක් පවා ප්‍රාණ භය දැනුනුවිට වියරුවෙන් හැසිරීම සාමාන්‍ය තත්වයක්. ඒ නිසා එදා ඇතිවූ ඒ අවාසනාවන්ත තත්වයට කථානායකතුමන් වගකිවයුතු බව අප පැහැදිලිවම කියා සිටිය යුතුයි.
අවසානයේ ජනාධිපතිතුමන් ප්‍රකාශකර සිටියා එතුමන් උත්සාහ දැරුවේ දෙපාර්ශවය අතර පොදු එකඟතාවයක් ඇතිකර ගැනීමට වුවත් නම්‍යශීලීභාවයක් නොමැති නිසා දෙපාර්ශවය අතර එකඟතාවක් ඇතිකර ගැනීම අපහසු බව පෙනීයන බවයි. අද පාර්ලිමේන්තුවේ ගෞරවය රැකෙන ආකාරයෙන් සාමකාමීව හැසිරෙන ලෙස දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටි ජනාධිපතිතුමන් දෙපාර්ශවයම සෙනග රැගෙන ඒමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවත්, එලෙස සෙනග රැගෙන ඒමෙන් සිදුවන්නේ ඔවුන් අතර ගැටුම් ඇති වී දෙපාර්ශවයම පීඩාවට පත්වීම වන නිසා අහිංසක ජනතාව මීට මැදිහත් කර නොගෙන මන්ත්‍රීවරුන්ගේ මට්ටමින් මෙය විසද ගන්නා ලෙසත් ඉල්ලා සිටි බව සදහන් කරයි.

popular news
-
chathuri Monday, 19 November 2018 06:17 PM
මෙයා වියවස්තවේ. කිසිම. දෙයක්. උල්ලංගනය. කරලා. නැහැලු මහින්දව. අගමැති. කරපු. එකට. , අද. රනිල්. අගමැති මයිත්රිව අයින් කරලා අනුරකුමාර මහතාව පත් කෙරුවනම්. මුන්ටික ඔය කටින් මනේ කියන්නේ මේක. වැරදි කියල. ගම්මන්පිල. මේ තරම් නිතිය දන්නවනම් විදෙශිකයුට මුදල් වංචා කරලා කට්ටි පනින්නේ ඇයි මේහොරු නඩේ රට්ටටයි ලෝකෙටයි කෙරුවේ වංචාව දැන් බලය. නති වුන නිසා ගෙදර ඉන්නත් බයයි ,ආරක්ෂාව නොමිලේ දෙන නිසා කොහොමහරි බලෙන් ඉන්න දගලන්නේ. ඔය දැනුමට රජයේ රැකියා. කරන්න පුළුවන්නේ ඇයි මෙතෙන්ටම පොර කන්නේ. ගසා කන්න පුළුවන්. නිසානේ මුන්ගේ දරුවෝ අංගවිකල ,සමහරු මෝඩයෝ , මොලේ කළදක් දෙවියෝ දීල නැහැ ,මහින්ද කැමතිනම්. මුන් අබු කමටත් ලෑස්තියි ඉන්න අබුව අයින්කරලා , මුන්කරන හැම ජඩ වැඩක්ම. වියවස්තවේ තියෙනවා , රටේ. වැසියන්ට මේවියවස්තවේ කිසිම වගන්තියක් නැහැ. හොර තක්කදියන්ව. ගල් ගසා හෝ. එල්ල. මරන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

