සරසවි සිසුවිය පැහැර ගැනීමට තැත් කළ සැකකරු අත්අඩංගුවට
කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුවියක් ( 24 ) බලහත්කාරයෙන් මෝටර් රථයකින් පැහැර ගෙන යාමට තැත් කිරීමෙ සිද්ධියට සමිබන්ධ එම මෝටර් රථය සමග පුධාන සැකකරු කිරිබත්ගොඩ පොලිසීය මගින් පෙරේදා ( 06 වැනිදා ) පස්වරුවේ අත් අඩංගුවට ගෙන ඇත .
මෝටර් රථය වත්තල , අල්විස් ටවුම පුදේශයේ නිවෙසක තිබියදී පුධාන සැකකරු සමග මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ.
තවද මෙ මෝටර් රථයේ රියදුරු අත් අඩංගුවට ගැනීමට ද දැන් කටයුතු කර ගෙන යයි.
සිසුවිය ඉකුත් සෙනසුරාදා ( 05 වැනිදා ) පස්වරුවේ සරසවි මාවතේ පා ගමනින් සිය නේවාසිකාගාරය වෙත යමින් සිටින විට පිටුපසින් පැමිණි මෝටර් රථයකට ඇය බලහත්කාරයෙන් දමා ගැනීමට තැත් කර තිබේ. ඒ අවස්ථාවේ ඇය කෑ ගැසීම නිසා මෝටර් රථය පළා ගොස් තිබිණි. .
සිද්ධිය ගැන කිරිබත්ගොඩ පොලිසීයට වාර්තා වීමත් සමගම එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩබ්ලිව්. එම්. ඒ. සදනුවන් මහතා විසින් ඒ අවට නිවෙස් හා වෙළෙඳ සැල් වල සවි කර තිබෙන සී සී ටී වී කැමරා වල රූප රාමු නිරීක්ෂණය කොට ඵම මෝටර් රථයේ අංකය සොයා ගෙන මෝටර් රථය සමග පුධාන සැකකරු මෙසේ අත් අඩංගුවට ගැනීමට සමත් විය .
මල්වාන ඩබ්ලිව් ඩී ඵමි විතානගේ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

