සරවනමුත්තු අස්ගිරි නාහිමිට එරෙහිව පැමිණිලි කරලා - විමල්
මහනාහිමිවරුන්ට එරෙහිව පොලිස් පැමිණිලි කරවා උන්වහන්සේලාගේ අනුශාසනාවන්ට වැට බඳින අතරතුර වහාබ්වාදී අන්තවාදයට එරෙහිව ජනතාව දැනුම්වත් කරන මාධ්‍යවේදීන්ගේ පෑනට විලංගු දමන පාලනයට එරෙහිව ප්රහාරාත්මකව විරෝධය දැක්වීමට පෙරට එන්නැයි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අද (26දා) ජනිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“පාක්‍යසෝති සරවනමුත්තු නැමැති රාජ්‍ය නොවන සංවිධාන ඒජන්තයා අස්ගිරි මහ නාහිමියන්ට එරෙහිව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ‘ජාතිවාදී ගිනි ඇවිලවීමට තැත් කළා’ යන පදනම යටතේ.
මේ පැමිණිල්ලට සමගාමීව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් ද අස්ගිරි මහනාහිමියන්ගේ ප්‍රකාශය ගැන දැන් වද වෙන්න පටන් අරන්.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් පිළිබඳ වචනයක් කතා නොකළ, කඳුළක් නොහෙළපු පිරිසක් තමයි අද අස්ගිරි මහනාහිමියන්ගේ ප්‍රකාශය ගැන කලබල වී ඇත්තේ. මේ අය තුළ ඇත්තේ බෞද්ධ භික්ෂුවකට ප්‍රහාරයක් එල්ල කිරීමට යම් තුරුම්පුවක් ලැබුණොත් එය යොදාගෙන උපරිම ප්‍රහාරයක් එල්ල කිරීමයි. එයයි මේ අයගේ ක්‍රියා පිළිවෙත.
එක්සත් ජාතික පක්ෂයේ රටට එරෙහි ක්‍රියා පිළිවෙත නිර්භයව පෙන්වා දුන් අස්ගිරි මහනාහිමියන්ට මේ විදියට පොලිස් පැමිණිලි ඉදිරිපත් කෙරෙන කොට මංගල සමරවීරලා කාදිනල්තුමන්ට එරෙහිව වතිකානුවට පැමිණිලි ඉදිරිපත් කරනවා. මේ සියල්ලටම එකම කල්ලියක් විසින් මේ රටට එරෙහිව සිදු කරන ක්‍රියාවන් ලෙසයි වටහා ගත යුත්තේ.”

popular news
-
Chathuri Thursday, 27 June 2019 02:14 AM
මොනදේ. කිව්වත් වැඩක් නැහැ. පොල් කඩන කොල්ලට තියෙන ඉගෙනිමවත් නැහැ. කාඩ් බෝඩ් විරයත් එක්ක කියනවා. සිංහල ජාතිය වඳ වෙනවලු ,ඉතින්. නුබල දෙන්නට පුළුවන්නේ ළමයි දහයක් හරි. විස්සක් හරි. හදන්න. ගැනිට පවුඩර් ගලා වෙසක් කුඩුව වගේ. ඉන්දන්නේ. නැතිව. ආණ්ඩුවේ මුදල් හොරා කන විදියට නැවකට. හදන්න. පුළුවන්නේ.
Reply : 15 2
චිතුුානන්ද Thursday, 27 June 2019 06:06 AM
එහෙම කරන්න ඕන.ගල් ගහලා මරන්නයි,කඩ වර්ඡනය කරන්නයි කියලා කියන්න බැහැ ප්‍රසිද්ධියෙ
Reply : 6 7
Champa Thursday, 27 June 2019 09:41 AM
අපූරු ප්රජාතන්ත්රවාදයක් රටේ තියෙන්නේ. නිකම් හාමුදුරු කෙනෙකුට නෙමෙයි මහනායක නාහිමි කෙනෙකුටවත් රට ජාතිය වෙනුවෙන් කතා කරන්න බැහැ. කාවවත් විවේචනය කරන්න බැහැ. අස්ගිරි නාහිමියන්ට එරෙහිව සරවනමුත්තු NGO කුක්කාගේ පැමිණිල්ල ලියා ගත්ත පොලිසියට ගල් ගහන්න ඕනේ ඉස්සෙල්ල. දෙමල මුස්ලිම් සුළු ජාතින් දෙකම සිංහලයන් මැරුව. සිංහලයන් ජාතිවාදය ඇවිලෙව්ව නම් එක දෙමළෙක්වත් මරක්කලයෙක්වත් රටේ ඉතුරු වෙන්නේ නැහැ. දැන් සිංහල බෞද්ධයා ඉගෙන ගන්න ඕනේ පාඩම් සියල්ල ඉගෙන ගෙන ඉන්නේ. යන්කො ජනාධිපතිවරණෙට.
Reply : 0 1
dilal Thursday, 27 June 2019 12:54 PM
ඔයගොල්ලෝ දළදා මාලිගාවට බෝම්බ ගහපු ඒවා තවම ජනතාවට අමතක වෙලා නැහැ. අස්ගිරි නාහිමියන්ගේ ප්රකාශනය විද්වත් බෞද්ධයෝ අනුමත කරන්නේ නැහැ.තව කීප වරක් කියවා බැලුවොත් ඔබටත් එහි අරුත වටහාගන්න පුළුවන්.
Reply : 12 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

