සරත් වීරසේකර ජිනීවා යයි
ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයන් යුද අපරාධ සිදුනොකළ බවඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ඔප්පු කිරීම සඳහා මහාචාර්ය චන්න ජයසුමන මහතා ඇතුළු කණ්ඩායමක් සමග තමන් ජිනීවා නුවර බලා අද (18දා) රාත්‍රියේ ශ්‍රී ලංකාවෙන් පිටත්වන බව විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.
මෙරට රණවිරුවන් වෙනුවෙන් කතාකිරීම සඳහා තමන් ජිනීවා නුවරට පිටත්වන්නෙ හතරවැනි වතාවට බවත්,අනිද්දා (20දා) සිට එම කණ්ඩායමට අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබී තිබෙන බවත් වීරසේකර මහතා සඳහන් කළේය.
තමා ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම ජිනීවා නුවරට පැමිණීමට පෙර ඉතාලිය සහ ඩුබායි රාජ්‍යය නියෝජනය කරමින්ශ්‍රී ලංකාවේ රණවිරුවන්ට සහාය පළකිරීමට කණ්ඩායම් පැමිණ සිටින බවද ඔහු කීය.
රණවිරුවන් යුද අපරාධ නොකළ බවට ජිනීවාවලදී දිගින් දිගටම පෙන්වා දී අදහස් පළකිරීම නිසා ශ්‍රී ලංකා රණවිරුවන් සම්බන්ධයෙන් නිවැරදි චිත්‍රයක් ලෝකය හමුවේ නිරාවරණය කිරීමට තමන් ඇතුළු කණ්ඩායමට හැකි වූබවද ඒ මහතා ප්‍රකාශ කළේය.

popular news
-
සරත් Wednesday, 19 September 2018 02:15 AM
ඔබට ජය! පාවාදෙන්නන් අතර ඔබ වීරයෙක්!
Reply : 0 0
rocky Wednesday, 19 September 2018 07:38 AM
රණවිරුවෝ කියන්නේ මිනි මරන්න අවසර ලැබුන පිරිසකටද? එහෙම නම් ජිනීවා කාරයන්ට උන්ගේ ලයිසොන් එක පෙන්නුවම වැඩේ ශේප් නේ!
Reply : 0 0
Champa Wednesday, 19 September 2018 07:29 PM
නැහැ රණවිරුවෝ කියන්නේ තොපි වගේ කාලකන්නින්ට ජීවත් වෙන්න තමන්ගේ ජීවිතය පූජා කල උතුම් මිනිසුන්. රණවිරුවෝ මැරුණු නිසා තමයි තොපි අද ජීවත් වෙන්නේ. රණවිරුවන්ට මිනීමරුවෝ කියනවා නම් දැනගනියව් රණවිරුවන් මිනීමරුවෝ කලේ තොපි තමයි. තොපි කිව්වා නම් ත්‍රස්තවාදය තුරන් කරන්න එපා ප්රභාකරන් වෙනුවෙන් තොපි පාරේ මැරෙන්න ලෑස්තියි කියලා, එහෙනම් රණවුරුවන්ට යුද්ධ කරන්න ඕනේ නැහැ. අද තොපි ඉන්නවා වගේ අඹු දරුවෝ දෙමව්පියෝ එක්ක ඒ උතුම් මිනිස්සුන්ටත් සතුටින් ජීවත් වෙන්න තිබ්බ.
Reply : 0 0
dhamneth Wednesday, 19 September 2018 08:31 AM
රුසියාව ,ඇමරිකාව නොයෙකුත් රටවල්වලට පහරදෙනවා .සිවිල් වැසියන් මියගියා කියා මාද්‍ය පලකරනවා..ඒවාට කිසිම ප්‍රස්නයක් නැහැනේද? ඔබතුමාට මේ වතාවේදී ඔය ප්රශ්නය විසදාගැනීමට හේතුවාසනා ලැබේවා.
Reply : 0 0
rocky Thursday, 20 September 2018 05:54 PM
බල්ලන් බිරුවාම උන්ගේ බලු ගතිය එළිවෙනවා. නැට්ට වන්නේ කාටද කියන එක රහසක් නොවෙයි. ප්‍රවේනි වහල්ලු උන් වහල් භාවයේම ඇලී ගැලී සිටීමෙන් විනාදයක් සන්තොසක් ලබනවා නම් ඒක උන්ගේ හැටි. මට සුකර ජාතකය මතක් වෙනවා. ඔවු ජාතකේ තමයි වැරැද්ද තියෙන්නේ. හංකඩ බල්ලන්ගේ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

