සයින්දමරුදු වෙනමම නගර සභාවක් වෙයි
කල්මුණේ මහ නගර සභාවට අයත් සයින්දමරුදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නගර සභාවක් ලෙස නම් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
252 වන අධිකාරිය වන මහ නගර සභා ආඥා පනතේ 284 වන වගන්තියේ ආ, ඇ, ඈ යන උප වගන්ති මඟින් පැවරී ඇති බලතල අනුව අදාළ පියවර ගෙන ඇති බව ඊයේ නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙයි.
සයින්දමරුදු නගර සභාවේ නිල කාලය 2022 වසරේ මාර්තු මස 20 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
සයින්දමරුදු නගර සභාවේ පරිපාලන සීමාවන් ද මෙම ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
popular news
-
Champa Tuesday, 18 February 2020 04:09 PM
මේ මොකක්ද? පාස්කු ප්‍රහාරය කරපු සහරාන්ගේ කල්ලියට පොහොට්ටුව දීපු තෑග්ගක්ද? මේක මහා විහිළුවක්. සයින්තුමරතු කලින් කල්මුනේ මහා නගර සභාවට අයිති වෙලා තිබුනේ. මේකේ ජනගහනය යන්තම් 27,092ක් විතරයි!!!!! ඔක්කොම මුස්ලිම්. දෙමල හෝ සිංහල කිසි කෙනෙක් මෙතන පදිංචි නැහැ. සයින්තුමරතු ගමට වෙනම නගර සභාවක් දෙන්න තරම් හේතුවක් නැහැ සහරාන් වෙනුවෙන් මිසක්. හොඳයි වැඩේ. සිංහල බෞද්ධ චන්ද වලින් ඇවිල්ල දැන් තනි මුස්ලිම් ගම්මාන වෙන් කරලා දීගෙන යනව. මිනිස්සු චන්දෙ දුන්නේ මේකටද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

