සයිටම් සිසුන් ගැන GMOA අදහස
රජයේ විසඳුම් බලාපොරොත්තු වන සියලුම සුදුසුකම් සහිත සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයේ ලියාපදිංචිවී වෛද්‍ය උපාධිය ලබාගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එසේ නොමැතිනම් කෙටි මාර්ගවලින් වෛද්‍ය උපාධිය ලබාගැනීමට උත්සාහ කරන හෝ කෙටි මාර්ගවලින් වෛද්‍ය උපාධිය ලබාගත් බව සඳහන් කරන කිසිවෙකුත් වෛද්‍යවරුන් ලෙස පිළිනොගන්නා බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා අද (08දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
සුදුසුකම් සහිත ශිෂ්‍යයන් කොතලාවල වෛද්‍ය පීඨයට හෙට (09 දා) සිට මාසයක් තුළ බඳවාගෙන අවශ්‍ය කටයුතු කිරීමට රජය තම සංගමයට පොරොන්දු වී තිබෙන බවද පවසා සිටියේය.
popular news
-
ආනන්ද Tuesday, 09 October 2018 06:51 AM
GMOA එකේ රජයේ සේවකයන් වන වෛද්‍ය වෘත්තිකයෙනි,රටේ නීතිය සමඟ සෙල්ලම් කරන්න එපා! 01.කිසියම් අයෙකු සුදුසුකම් සපුරා ඇති වෛද්‍ය වෘත්තිකයෙක්ද යන්න පිළිගනු ලබන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලය විසින් මිස රජයේ සේවකයන් වන GMOA එක විසින් නොවේ!!! ඒ බව පළමුවෙන් ඔබලාට මතක් කරනු කැමැත්තෙමි. ලඟදීම SLMC එකේ සංයුතිය මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය කවුන්සලයේ අන්තර්ගතයට අනුව වෛද්‍ය වෘත්තිකයන් 50% ක්ද, වෙනත් වෘත්තිකයාන් 50% ක්ද වන පරිදි නැවත සකස් කිරීමට දැන් කටයුතු අරඹා ඇත.ඔබලාට දැන් කල යුතු කිසිම දෙයක් නැහැ.ඉතිරි හරිය විෂය භාර ඇමතිවරුන් විසින් නුදුරු අනාගතයේදීම කරනවා ඇත.මහත්වරුනි, සිය සිසුන් සෞඛ්‍ය වෛද්‍ය අද්යාපනයට අදාල සකල දැනුමෙන් සැපිරූ මාලඹේ පෞද්ගලීක වෛද්‍ය විශ්ව විද්‍යාලය වසා දැමීමට කටයුතු කිරීම මම නම් දකින්නේ මෙරට සෞඛ්‍ය උසස් අධ්‍යාපන ක්ෂේත්රයට එල්ලකරන ලද දරුනු ප්‍රහාරයක් ලෙසයි!!! මෙරට ආංඩු ක්‍රම ව්‍යවස්ථාව පිහිටා ඇති කුළුනු 3 න් එක්ක වන ශ්‍රේෂ්ඨාධිකරනය විසින් දී ඇති නියෝගයට අනුව ,මාලඹේ පෞද්ගලීක වෛද්‍ය විශ්ව විද්‍යාලයේ MBBS සමත් සියළුම සිසුන්ට එකී වන්දි මුදල ගෙවනු, SLMCයේ ලියා පදිංචි කරනු!!!!!!!
Reply : 0 0
Silva Tuesday, 09 October 2018 07:28 AM
යකෝ දැන් මුන්ද රට පාලනය කරන්නේ තීන්දු තීරණ ගන්නේ... කැබිනට් එක අගමැතිතුමා, ජනාධිපති කෙනෙක් වගේම අපිට පාර්ලිමේන්තුවක් මොකටද එහෙනම්...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

