සමාජ මාධ්‍යයේ යන බුද්ධි අංශ වාර්තාව අසත්‍යයි
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගන්වා ඇතැයි යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන බුද්ධි අංශ වාර්තාවක් යැයි පැවැසෙන ලිපිය අසත්‍යක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මෙන්ම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.
රාජ්‍ය බුද්ධි අංශ ස්වාධීන ආයතනයක් ලෙස ජනපතිවරණයට අදාළව කිසිම සමීක්ෂණයක් සිදුකර නොමැති බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
එසේම අදාළ ව්‍යාජ ලිපිය සමාජ මාධ්‍ය වෙත මුදාහළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.
Fake letter of Intelligence survey to be investigated. pic.twitter.com/rOq1Dfh0zk
— Ruwan Wijewardene (@RWijewardene) November 15, 2019

popular news
-
Champa Friday, 15 November 2019 05:42 PM
අනිත් එක මෙහෙම වාර්තාවක් ජනාධිපති ඉල්ලන එකත් වැරදියි. ජනාධිපතිත් පක්ෂ නායකයෙක් නිසා මෙහෙම වාර්තාවක් ඉල්ලීම සම්පූරනේය්න්ම චන්ද වලට කරන බලපෑමක්. ඉල්ලුවත් බුද්ධි අංශ වලට කොන්දක් තියෙන්න ඕනේ ප්‍රතික්ෂේප කරන්න. එක්තරා බලගතු රටක බලගතු ජනාධිපති හමුදාවට කිව්වා තමන් සංචාරය කරන රටක මුහුදු තීරයේ යුධ නැවක් නවත්තල තියන්න කියල සංචාරය ඉවර වෙනකම්. නමුත් ඒ රටේ හමුදාව එකහෙලා තමන්ගේ ජනාධිපති කරපු ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. අපේ රටත් ඒ තරම් ස්වාධීන වෙන්න ඕනේ. කාටවාත් බය වෙන්න ඕනේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

