සම්පූර්ණ මුහුණ වසාගෙන පාසල්වලට පැමිණීම තහනම්
සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන ඇඳුම් හා හිස් ආවරණ පැළඳීම සම්බන්ධයෙන් වන උපදෙස් ඇතුළත් ලිපියක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් වෙත නිකුත් කර ඇත.
ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය..
“මුහුණු ආවරණය සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි යටතේ පනවා ඇති විධිවිධාන පිළිබඳ නොදැනුවත්කම නිසා මුහුණු ආවරණය කර ගෙන ඇතැම් පුද්ගලයින් පාසලට පැමිණීම මෙන්ම සමහර ගුරුවරියන් ද මුහුණු ආවරණ සහිත ඇඳුමෙන් සැරසී පැමිණීම ද හේතුවෙන් පසුගිය දිනවල පාසල් කිහිපයක ගැටලු සහගත තත්ත්වයක් ඇති වුණා.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, එවැනි සිද්ධියක දී පාසල් ප්‍රධානීන් මැදිහත් වියයුතු ආකාරය සහ පාසල්වලට ඇතුල්වීමේ දී මුහුණු ආවරණ සහිත ඇඳුම් හා ආරක්ෂක හිස් ආවරණ පැළැඳීම සම්බන්ධයෙන් නියෝග ද ඇතුළත් විශේෂ ලිපියක් පාසල් ප්‍රධානීන් වෙත නිකුත් කිරීමට අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
පූර්ණ මුහුණු ආවරණ සම්බන්ධව හදිසි නීති රෙගුලාසි යටතේ නිකුත් කර ඇති රජයේ අති විශේෂ ගැසට් නිවේදනයන් හි දැක්වෙන නියෝගයට අනුකූලව සහ මානව හිමිකම් කොමිෂන් සභාව මුහුණු ආවරණය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කර ඇති චිත්‍රණයක් ද සහිතව අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි එම විශේෂ ලිපිය අධ්‍යාපන ලේකම්වරයා පාසල් ප්‍රධානීන්ට යොමු කොට තිබෙනවා.”


popular news
-
Lion Friday, 24 May 2019 03:14 AM
කරුණාකර මේ ayata Saudi arabiyata yanna කියන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

