සමනල වැවේ සිට ලෝකාන්තයට කේබල් කාර් සේවයක්
සමනලවැව ජලාශය ආසන්නයේ බෙලිහුල්ඔය සිට ලෝකාන්තය දක්වා කේබල් කාර් සේවයක් ඩුබායි රජයේ ආධාර ඇති නුදුරු කාලය තුළ අරඹන බව සබරගමු පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය අද (25දා) ප්‍රකාශ කළාය.
“බෙලිහුල්ඔය ප්‍රදේශය දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණීය ස්ථානයක්. ලෝකාන්තයට මේ පැත්තෙන් යා හැකියි. සබරගමු පළාත් සභාව ඩුබායි රාජ්‍ය සමග සාකච්ඡා කර තිබෙනවා බෙලිහුල්ඔය සිට ලෝකාන්තය දක්වා කේබල් කාර් සේවයක් ආරම්භ කිරිමට. එමගින් සංචාරක කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති කළ හැකියි.
සබරගමු විශ්ව විද්‍යාලයේ විද්වතුන්ගේ ආශිර්වාදය එයට තියනවා. ඊට සමගාමීව සමනල වැවේ සංචාරක බෝට්ටු සේවයක් ද අරඹනවා. බෙලිහුල්ඔයට එන දෙස් විදෙස් සංචාරකයන්ට ලෝකාන්තයත් නරඹලා, බෝට්ටු සවාරියකුත් ගිහං පාරිසරික රසවින්දනයක් වගේම සංචාරයක නිරත වන්නට ඉන් අවස්ථාව ලැබෙනවා.
මම මේ ව්‍යාපෘතිය ගැන අතිගරු ජනාධිපතිතුමාට දැනුම් දුන්නාම එතුමා කිව්වේ ශ්රීපාදස්ථානයට නැතුව වෙන ඕනෑ තැනකට කේබල් කාර් ව්‍යාපෘති හඳුන්වලා දෙන්න කියලා. ඒ නිසා මම ආණ්ඩුකාර ධූරයේ ඉන්න කාලය තුළ මේ කෙබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කිරිමට ගතහැකි හැම පියවරකම ගන්නවා’’ යැයි ද ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පැවසුවාය.
අජිතලාල් ශාන්ත උදය

popular news
-
Champa Tuesday, 25 September 2018 07:26 PM
ලෝකාන්තයේ ලස්සනත් ඉවරයි. සමනල වැවේ ලස්සනත් ඉවරයි. බෙලිහුල් ඔයේ ලස්සනත් ඉවරයි. අවට පරිසරයේ ලස්සනත් ඉවරයි. පින්තූරයක් ගත්තත් කේබල් තියෙන නිසා පින්තූරේ ඉස්සර තියෙන ලස්සන දකින්න බැරි වෙයි. ලෝකේ අපේ වගේ විවිධාකාර ලස්සන පරිසර තත්ත්ව එකම රටක තියෙන තවත් රටක් නැති තරම්. සමහර රටවල ගස් තිබුනට කඳු නැහැ. සමහර රටවල ඒ දෙකම තිබුනට මුහුද නැහැ. නැත්නම් ගංගා වැව් නැහැ අපේ වගේ. ඒ මොනවා තිබ්බත් ඉපැරණි නටබුන් නැහැ. වන සත්තු අභය භූමි නැහැ. අපේ වගේ රසවත් කෑම නැහැ. මේ ඔක්කොම තියෙන අපේ රටට සංචාරකයෝ එන්නේ ඒ අසාමාන්‍ය ලස්සන පරිසරයේ සුව විඳින්න. ඇවිදින්න. ඒ මොකොද කිව්වා නම් මේ වගේ දේවල් වෙන කොහෙවත් රටක දකින්න නැති නිසා. සංචාරකයෝ රටෙන් රටට යන්නේ සැප හොයාගෙන නෙමෙයි. පහසුවෙන් දේවල් බලා ගන්න නෙමෙයි. ඔවුන්ට ඕනේ තමන් ජීවිතේ කවදාවත් දකින්නේ නැති දේවල් දකින්න. විඳින්න බැරි අත්දැකීම් විඳින්න. මේකට ඉඩ දුන්නොත් සීගිරියට කේබල් දාන වැඩෙත් පටන් ගනියි ආපහු. අපේ රටේ නායකයන් රටේ ස්වභාවික සම්පත් ගැන දැනීමක් තියෙන ඒවා අගය කරන මිනිස්සු වෙන්න ඕනේ. වෙන රටවල මේවා කෘත්‍රිමව හදනව තමන්ට නැති නිසා. මොකොට කියනවද මේ ආණ්ඩුව ගැන.
Reply : 15 9
casmir Wednesday, 26 September 2018 02:28 PM
ලංකාව වගේ රටක තියන සුන්දර බව විදින්ඩ ඕන ඒ ආකාරයෙන් විත්රි . ඒවාට තමෛ ගොඩක් ස්න්ච්රකයෝ කැමති. පොඩ්ඩක බලන්ඩ දැන් සමනල කන්ද මුදුන ඔක්කොම ගොඩනැගිලි කාමර හදල, අය මෙහෙම කරන්නේ . සිරිපද අඩවිය රක්ෂිතයක් ඇය මුදුනේ කාමර හදන්නේ . මුළු ලංකාවේම වාරිමාර්ග වියපෘති වල හදවත ඔතන . අපේ කාලකන්නි මිනිස්සු සංවර්දනය කියල ගොඩනැගිලිම හදනවා කෘෂිකර්මාන්තයෙන් අත්වෙලා කර්මාන්ත කලපම හදනවා එත් තාම පැන්සල , පැන, කොස්ස ඉදල ගේන්නෙත් චීනෙන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

