සමනල අඩවිය සහ සෝමාවතිය ජනපති පූජා නගර ලෙස නම් කරයි
ශ්රී පාදස්ථානය පිහිටි සමනල අඩවිය සහ සෝමාවති පුදබිම පූජා නගර ලෙස ගැසට් කරමින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සිය ජනාධිපති ධුරයේ රාජකාරි අද (17දා) අවසන් කළේය.
2015 ජනවාරි මස 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (17දා) වනතුරු සිය රාජකාරී කටයුතු සිදු කළේය.
සිය පස් වසරක ජනාධිපති ධුරයේ රාජකාරී අවසන් කිරීම වෙනුවෙන් සිය අවසන් රාජකාරිය ලෙස එම ගැසට් නිවේදනයට අත්සන් කර ඇත.
බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශ ලැබූ ශ්රීපාදස්ථානය පිහිටි සමනල අඩවිය සහ බුදුරජාණන් වහන්සේගේ දකුණ දළදා වහන්සේ නමක් වැඩ සිටින ඓතිහාසික සෝමවති පුදබිම මෙලෙස පූජා නගර ලෙස නිල වශයෙන් ප්රකාශයට පත් කර තිබේ.

popular news
-
Deepal Nirosh Monday, 18 November 2019 08:43 AM
මේ ආකාරයට මුලතිව් ගුරුකන්ද විහාරයේ භූමි අයිතිය පිළබඳ ගැටළුවත් ඉදිරි රජයකට භාර නො දී විසඳල ගියානම් නේද ඔබතුමාගෙ නම බැබලෙන්නෙ? නැවත ජනපතිවරණයකට නො ඉල්ලන (?) නිසා ගරු ඔබතුමාටයි ඒ් ප්රශ්නය විසඳන්න ශක්තිය තිබුණෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

