සමථ මණ්ඩලවල නඩු විසදීමේ මුල්‍ය සීමාව ලක්ෂ 10 ක් බවට පත් කළ යුතු බවත් ලැබෙන පැමිණිලි සංඛ්‍යාවෙන් සියයට 68 ක් සමථ මණ්ඩළ තුළින් විසඳීම විශිෂ්ට බවත් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.
අඛණ්ඩව වසර දහයකට වඩා වැඩි කාලයක් දිවයින පුරා සමථ මණ්ඩලවල සේවය කළ සමථ මණ්ඩල සභිකයින් සඳහා මුළු දිවයිනටම බලපාන පරිදි සාමදාන විනිශ්චයකාර පදවි ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"අපේ රටේ අධිකරණයේ තදබදය වැඩියි එහි ඇති නඩු ප්‍රමාණය අධිකයි. අපිට අධිකරණයට එන නඩු ප්‍රමාණය අඩු කිරීමට සමථ මණ්ඩල ක්‍රමය වැනි දේ අත්‍යවශ්‍යයි.අපේ සමථ මණ්ඩලවලට එන පැමිණිලි සංඛ්‍යාවෙන් සියයට 68 ක් විසදනවා.
සමථ මණ්ඩල තුළින් නීති තර්කයට මුවා වෙළා නඩු අහන එක සිදු වෙන්නේ නැහැ.සමථ මණ්ඩල තුළින් නඩුවක් විමසලා අවසන් වු පසු එහි තීන්දුව දෙන්න කල් ගන්නේ නැහැ.නමුත් ඇතැම් උසාවිවල නඩුව අවසන් කරලා වසර දෙකක් විතර යනවා තීන්දුව ලබා දෙන්න .නඩුවක් අවසන් වු පසු සාධාරණ කාලයක් තුළ තීන්දුව ලබා දිය යුතු බවත් තීන්දුව කඩිනම්න් ලබා ගැනීමට ජනතාවට අයිතියක් පවතිනවා.
නඩු ප්‍රමාදය අවම කර ගන්න අපි අලුත් ක්‍රමවේද කරා යා යුතුයි.අපි ඒ සදහා ක්‍රියාමාර්ග රාශියක් ගෙන තිබෙනවා.අපි ඒ සදහා අවශ්‍ය ආයතනවලට ප්‍රමාණවත් පරිදි පහසුකම් ලබා දිය යුතුයි.ඒ වගේම යුක්තිය පසිදලීමේ කාර්ය යේදී අපි නවීණ තාක්ෂණය උපයෝගී කර ගත යුතුයි.
අපේ රට ඩිටිටල්කරණයට යා යුතු බව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සඳහන් කරලා තිබෙනවා .ගතානුගතිකව නඩු විසදීම සිදු කර නියෝග දෙන ක්‍රමයෙන් බැහැරව ගිහිං අපි ඩිජිටල්කරණයට යුතු බවත් අද වන විට ලෝකයේ පවතින නවීණ තාක්ෂණය අපේ අධිකරණ පද්ධතියට ගෙන ආ යුතුයි. ඒ සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර අවශ්‍ය පියවර කඩිනමින් ගන්නවා.”
ඡායාරූප ශමීර රාජපක්ෂ


