සබරගමුව, බස්නාහිර, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල හෙට දිනයේදී විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර හා කලුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක් තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයින හරහා විශේෂයෙන් උතුර, උතුරු - මැද හා වයඹ පළාත්වලත් හම්බන්තෙට ත්‍රිකුණාමලය හා මාතලේ දිස්ත්‍රික්කවල හා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍ර දේශවල විටින් විට හමන පැයට කිලෝ මීටර් 50-60 දක්වා තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍ර දේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.