සත්‍ය කවදා හෝ ජයගනීවි
තමන් කිසිවක් අසුබවාදීව නොදකින බවත් ධනාත්මක චින්තය පිළිබඳ විශ්වාසය තබන බවත් එක්සත් ජාතික පක්ෂ නියොජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් ඊයේ (13දා) පැවැති අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“සංවිධාන වැඩපිළිවෙළ සාකච්ඡා කළා. ශක්තිමත් දේශපාලන ගමනක් ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කොයි ආකාරයෙන්ද යන්න ගැන ක්රමෝපායන් ක්‍රමවේද ගැන අපි සාකච්ඡා කළා.
අපේ රටේ කථා කිරීමේ නිදහස තිබෙනවා. මතයක් දැරිමේ නිදහස තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවදි ක්‍රමවේදය තුළ ඕනෑම තෙනෙකුට තමන් විශ්වාස කරන මතයක් දරන්න ඉඩ තිබෙනවා.
සත්‍ය කවදා හෝ ජයගනියි. අපේ දේශපාලන ගමන අනාගතය තීන්දු වන්නේ තවත් නෙනෙකුගේ අපේක්ෂකත්වය මත නෙමෙයි. අපේ ප්‍රතිපත්ති, දර්ශනය අනුවයි.
මම කිසිදෙයක් අසුෙවාදීව සිතන්නේ නෑ. මම ධනාත්මක චින්තනය විශ්වාස කරන කෙනෙක්”

popular news
-
Deepal Nirosh Wednesday, 14 August 2019 03:32 PM
සත්‍ය ජයගැනීම පිළිබඳව ගැටළුවක් නැහැ, ඒත් දිනය තමයි ප්රශ්නය.
Reply : 0 0
Gamini Senaratna Wednesday, 14 August 2019 07:44 PM
ඔබට සුබ වෙන්නැති, ඔබ අවොත් අපිට අසුබඊ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

