සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ මුදල් හා රන්භාණ්ඩ සොරාගෙන
ඇල්ල නගරයේ හෝටලයකදී ඊයේ (19) අළුයම ප්‍රවීණ කලා ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ඇතුළු එම පවුලේ පිරිසකට අයත් රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා ස්වර්ණාභරණ හා මුදල් සොරාගෙන ඇතැයි පොලීසිය කියයි.
බදුල්ල හා අවට ප්‍රදේශවල සංචාරයක නිරත වූ කලා ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ඇතුළු පවුලේ පිරිසක් ඉකුත් (18)දා රාත්‍රී ඇල්ල රාවණා ඇල්ල පාරේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන ඇති අතර එහිදී තම පවුලේ අයෙකුට අයත් පවුම් එක හමාරක් පමණ වන පෙන්ඩනයක් සහිත රන් මාලයක් සහ තවත් භාණ්ඩද රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලක්ද සොරාගෙන ඇතැයි පැවසේ.
පසුදින උදෑසන මේ සම්බන්ධයෙන් දැනගැනීමෙන් අනතුරුව ඒ බව ඇල්ල පොලීසියට පැමිණිළි කොට ඇති අතර ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්.එම්.කේ. අලගිවන්න මහතාගේ මූලිකත්වයෙන් ඇල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.

popular news
-
Champa Sunday, 20 January 2019 02:30 PM
හෝටල් කළමනාකාරිත්වය සම්පූර්නයෙන්ම වග කියන්න ඕනේ තමන්ගේ හෝටලේ නවතින අමුත්තන්ගේ භාණ්ඩ සහ ආරක්ෂාව ගැන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

