සජිත් හැමදාමත් ජනපති වෙනුවෙන් කඩේ ගියා - SF
එක්සත් ජාතික පක්ෂ නියොජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සෑම දිනකම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින බව ෆීල්ඩ් මාෂල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
ගම්පහ ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“ඡන්ද ගන්න ඕන නිසා හිරගෙදර මිනිස්සු එල්ලන්න හදනවා. ඒක මම දකින්නේ ඉතාම පහත් ක්‍රියාවක් ලෙසයි. පක්ෂයේ (එක්සත් ජාතික පක්ෂය) මතය තිබෙන්නේ මරණ දඬුවමට විරුද්ධවයි. අපි එතන ඉන්නවා.
නමුත් සජිත් ප්‍රේමදාස මහත්තයා හැමදාමත් ජනපතිට කඩේ යනවා. එයා ජනපති කියන දේවල් තමයි අනුමත කරන්නේ. දින 51 ආණ්ඩු පෙරළීමට සුමාන දෙකකට ඉස්සෙල්ලා කිව්වා මේ රටේ ඉන්න එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයොත් එක්සත් ජාතික පක්ෂයත් හැමදාම ජනපතිට ණයයි කිව්වා.
දින 51 ඉවරවුණ ගමන් ලග්ගල ගිහින් කිව්වා අතිශ්රීමත් ගරු ජනපතිතුමානෝ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරනවා කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු දෙකක් දුන්නා ආරක්ෂා කරන්නේ නෑ කියලා ප්රජාතන්ත්රවාදය එහෙම ඉන්නකොට කඩේ යනවා. මේවා අපි දකින්නේ පහත් වැඩ හැටියට”

popular news
-
Champa Monday, 15 July 2019 01:53 AM
සජිත් කරන්නේ බොරුවක්. අනිත් පැත්තෙන් ඉල්ලනේ ගෝඨාභය නම් සජිත් කවදාවත් චන්දෙට ඉදිරිපත් වෙන්නේ නැහැ. ගෝඨාභය එක්ක deal එකක් දානවා. නැති වුනත් හැබැයි දෙන්නගෙන් කවුරුවත් දිනන්නේ නැහැ.
Reply : 1 22
Rukshan Wijesekara Monday, 15 July 2019 06:48 AM
පක්ෂයට පිටින් ගිය අය පක්ෂයේ නායකත්වයට සුසුදුසු නැත
Reply : 1 195
කල්පනා Monday, 15 July 2019 06:50 AM
උසස් ඉගෙනීමක් හා අනාගත දැක්මක් නැතිවුනාම ඔහොම දේවල් වෙනවාට අමතරව කරන බවත් පේනවා.ඔබතුමාගේ අදහස ඉතාම නිවැරදියි.
Reply : 1 472
hari Thursday, 18 July 2019 11:46 AM
උස්ස අදියපනේ බලවනම් අද පාර්ලිමේතුවේ ඉන්න 17 i
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

