සජිත් ඉල්ලා උද්ඝෝෂණ
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත ඉදිරි ජනාධිපති අපේක්ෂකත්වය එක්සත් ජාතික පක්ෂයෙන් ලබාදීම සිදුකරන ලෙස නායක රනිල් වික්‍රමසිංහ මහතාට බලකරමින් දඹුල්ල නගරයේ එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් විරෝධතා පෙළපාලියක් අද (30 ) දින පෙරවරුවේ පවත්වන්නට යෙදුණහ .
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලය මගින් ගලේවෙල ,දඹුල්ල, පල්ලේපොල ප්‍රදේශ වල නිවාස ණය සහ නිවාස ලබාගත් ජනතාවට ගැමි කමිටු රැස්වීම දඹුල්ල උසාවිය හන්දිය පෞද්ගලික හෝටලයකදී පැවැත්වූ අතර එම අවස්ථාවට පැමිණි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සංවර්ධන උපදේශක නලින් විජයරත්න මහතා රැස්වූ ජනතාව දැනුවත් කොට එක්සත් ජාතික පක්ෂ දඹුල්ල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ ක්‍රියාකාරීන් ගැමි කමිටු රැස්වීමට පැමිණි ජනතාව දැනුවත් කොට කැබ් රථයකින් රැගෙනවිත් තිබූ විරෝධතා පුවරු සහ ටි සර්ට් ලබාදී එම ස්ථානයේ සිට විරෝධතා සටන් පාඨ කියමින් දඹුල්ල ඔරලෝසුව කණුව අසලට දක්වා ගමන් කරන්නට වූහ.
මෙම පිරිසගේ ඉල්ලීම බවට පත්වූයේ ගම හැදූ සජිත්ට රට භාර දෙන්න යන්න පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බල කරමින් ඔවුහු විරෝධතා සටන් පාඨ කියමින් කෑ කෝ ගසමින් ප්‍රධාන මාර්ගයේ ගමන් කරන්නට වූහ.
පසුව ඔරලෝසු කණුව ඉදිරිපිට විනාඩි කිහිපයක් විරෝධතාවයේ රැඳී සිටිමින් ක්‍රියාකාරීන් කීපදෙනෙකු හා නිවාස සංවර්ධන අධිකාරියේ සංවර්ධන උපදේශක නලින් විජයරත්න මහතා මාධ්‍යයට අදහස් ප්‍රකාශ කරන්නට විය.
ඔවුන් කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දිය යුතු බවය. රාත්‍රී භෝජන සංග්‍රහ පවත්වමින් පක්ෂය දෙකට කැඩීම සිදු නොකරන ලෙස නායකත්වයෙන් ඉල්ලා සිටින බව ඔවුහු කියන්නට වූහ. එමෙන්ම කාන්තාවන්ගේ ඡන්දය ලබා ගැනීමට නම් සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලබාදිය යුතුද යුතුයැයි ද එහිදී කාන්තාවෝ කියන්නට වුවාය .
මේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානයේ සභාපති දුමින්ද බණ්ඩාරනායක මහතා ඇතුළු දඹුල්ල මහනගර සභා හා ප්‍රදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් ද එක්ව සිටියහ .

popular news
-
Dayan Saturday, 31 August 2019 11:29 AM
මෝඩ මිනිසුන්. සජිත් ඇවිදින් මොනවා කරන්නද? කිසි බලයක් ලැබෙන්නේ නැහැ.පඹයෙක් හැටියට ඉන්න පුළුවන්. මේ චන්දෙට අපේ සල්ලි වියදම් කිරීමත් අපරධයක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

