සජිත්ට අකමැති ටික දෙනයි
ඉදිරි ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපෙක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම පක්ෂයේ සියලු දෙනා යෝජනා කර සම්මත කරන බවත් සියයට අනුවක් දෙනා ඊට කැමති බවත් කිහිපදෙනෙකු පමණක් අකමැති බව කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමිය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා අද ( 19දා) මාතලේ දි පැවසිය.
මාතලේ ඊරියගොල්ල ශ්‍රිමත් ඇලික් අලුවිහාරේගම ජනතා අයිතියට පත් කිරිමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්විණ.
“ජනතාව ඉල්ලන දේ අපි ලබා දිය යුතුයි. ජනතා ප්‍රශ්න විසදන නායකයා සජිත් ප්‍රේමදාස මහතායි. අනෙකුත් අපෙක්ෂකයින් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවුරුදු 20ක් තිස්සේ ඒ පිරිස් කරපු දේ අපි දන්නවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා යන සෑම තැනම ජන ගංගා බවට පත්වෙනවා. අපි අහන සැම සියලු දෙනාම කියන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නම. මේ රටේ ප්‍රශ්න විසදන නායකයා කවුද කියන එක අපි දන්නවා.”
රුවන් ධනංජය

popular news
-
Suranga Ratnayaka Tuesday, 20 August 2019 07:46 AM
කොහොමද දන්නේ? හිත් කියෙව්වාද? මගේ නම් කැමැත්තක් නැත බලයෙන් එන අයට
Reply : 1 0
Deepal Nirosh Tuesday, 20 August 2019 09:35 AM
සජිත් මැතිතුමාට අකමැති ටික දෙනයි, කැමති ගොඩ දෙනෙක් ඇතිනෙ කියන විදියට. ඒ් ඔක්කොම පාක්ෂිකයො. ඒ් කැමති අයයි අකමැති අයයි හැර තවත් පිරිසක් සිටිනවා නේ ද? ඒ් අයටත් ඡන්ද බලය හිමියි නේ ද?
Reply : 0 1
waruna Tuesday, 20 August 2019 10:24 AM
නියම යටිකුට්ටු game කාරයෙක්. අපි කැමති නැහැ මොහුට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

