පාස්කු ඉරිදා එල්ල වුණු බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසුව මෙරට සංචාරක කර්මාන්තයේ සිදුවූ කඩා වැටීම නිසා හානි සිදුවුණු සංචාරක සේවා සම්පාදකයන්ට මුදල් අමාත්‍යාංශය මගින් ලබා දී ඇති සහන පැකේජය සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව දැන් පවතින බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව ඊට අදාළ උපදෙස් මාලාවක් නිකුත් කිරීමටද එම අධිකාරිය පියවර ගෙන තිබේ.
මෙහිදී මුදල් අමාත්‍යාංශය මගින් ලබා දී ඇති අදාළ ව්‍යාපාර මගින් ලබා ගෙන ඇති ණය සහ ඊට අදාළ පොලී සම්බන්ධයෙන් 2020 මාර්තු 31 දක්වා වන පමා සහන කාලය, 2019 මැයි 21 වැනිදා සිට වසරක් සඳහා ක්‍රියාත්මක 10෴ක වැට් බදු සහනය, ව්‍යාපාරයේ කාරක ප්රාග්ධනය මත ලබා දෙන ණය මුදල මෙන්ම ලෝහ හඳුනාගැනීමේ ආරක්ෂිත උපාංග ආනයනය සඳහා වන තීරු බදු පහසුකම යනාදියට ඉල්ලුම් කිරීමේ අවස්ථාව මෙම සේවා සම්පාදකයන්ට හිමි වෙයි.
කෙසේ වෙතත් මෙම සහන පැකේජය වෙත ඇයැදුම් කිරීම සඳහා අදාළ ව්‍යාපාර සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී සිටීම අනිවාර්ය වෙයි.
ඒ අනුව මෙතෙක් එම අධිකාරියේ ලියාපදිංචි වී නැති ව්‍යාපාර වේ නම් ඉක්මණින්ම එම ලියාපදිංචිය ලබා ගෙන අදාළ සහන පැකේජය ඉල්ලුම් කිරීමේ අවස්ථාව පවතින බවත් අධිකාරිය පවසයි.
මේ පිළිබඳ වැඩි විස්තර www.sltda.gov.lkයන සංචාරක සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවියෙන් හෝ 011 3070986, 0113070987 යන දුරකතන අංක හරහා ඇමතීමෙන් ලබා ගත හැකිය.
එසේත් නොමැතිනම් 2019 මැයි 08 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ 2019 අංක 07 දරන චක්‍රලේඛය පරිශීලනයෙන්ද තොරතුරු ලබා ගත හැකි බවද අධිකාරිය වැඩිදුරටත් පවසා සිටියි.
