ශ්‍රී ලංකාව වෙත පනවා ඇති සංචාරක තහනම් නියෝග ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශීය තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.
මහතා ශ්‍රී ලංකාවේ සිටින විදේශීය තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් සමග ඊයේ (24දා) සන්ධ්‍යාවේ අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කළේය.
එහිදී ආරක්ෂක අංශ විසින් වර්තමාන ආරක්ෂක තත්වය පිළිබඳවත්, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පැවැත්වෙන පරීක්ෂණයන්හි ප්‍රගතිය පිළිබඳවත් කරුණු ඉදිරිපත් කර තිබේ.
එදිනෙදා ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත්වී ඇති බව සහ උපරිම ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක වන බවත් අග්‍රමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරුන් ද එක්ව සිටියහ.