සංචාරක අංශය නංවන්න හැරී - ධම්මික ඇතුළු කමිටුවක්
මෙරට සංචාරක ක්ෂේත්රයේ වර්ධනය සම්බන්ධයෙන් ගත යුතු තීරණ පිළිබඳව අවධානය යොමු කරමින් සාමාජිකයන් 14 දෙනෙකුගෙන් යුත් නව සංචරණ උපදේශක කමිටුවක් පත් කිරීමට සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.
මෙහිදී කමිටුවේ සභාපති ධුරය ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන මහතා වෙත පිරිනමා ඇත. විශේෂයෙන්ම මේ වසරේදී සංචාරකයන් ලක්ෂ 30ක් මෙරටට ආරක්ෂණය කරගැනීමේ ඉලක්කයෙන් මෙම කමිටුව පත් කර තිබේ.
එම උපදේශක කමිටුවේ අනෙකුත් සාමාජිකයන් ලෙස ධම්මික පෙරේරා (හේලීස්) මෙරිල් ප්‍රනාන්දු (ඩිල්මා) අබ්බාස් එසුෆලි (හේමාස්), සන්ජීව් ගාඩ්නියර් (ගෝල්ෆේස් හෝටල් සමූහය), ක්‍රිෂාන් බාලේන්ද්‍ර (ජොන් කීල්ස්), ෂිරෝමාල් කුරේ (ජෙට්වින්ග්) කුඔක් මෙන්ග් ෂිඔන්ග් (ෂැන්ග්‍රි - ලා), අශෝක් පතිරගේ (සොෆ්ට්ලොජික්), සී.ජේ. වික්‍රමසිංහ (කොනායිසන්ස්), රාමන් මූර්ති (ටාජ් හොටෙල්ස්), නලින් ජයසුන්දර (එයිට්කන් ස්පේන්ස් ට්‍රැවල්ස්), විපුල ගුණතිලක සහ එන්. රණසිංහ යන මහත්වරුන්ද සිටිති. මෙම කමිටුවේ සම්බන්ධීකරණය දිනේෂ් වීරක්කොඩි මහතා විසින් දරන අතර කැඳවුම්කරු ලෙස ෆෙලික්ස් රොඩ්රිගෝ මහතා පත් කර තිබේ.


popular news
-
Champa Friday, 15 March 2019 10:50 PM
කමිටුවක් කියන්නේ මොකක්ද? මේ ගොල්ලන්ට දීමනාවක් ගෙවනවද? එහෙනම් කොච්චරද? නැත්නම් නොමිලේද වැඩ කරන්නේ? දන්නැති හින්ද අහන්නේ.
Reply : 0 0
perera Saturday, 16 March 2019 01:58 AM
මට රටවෙනුවෙන් සේවය කරන්න අවස්ථාවක් දුන් එක ගැන මම සතුටුවෙනවා. මගේ මොලයේ තව සියයට 95 ඉතිරිව තිබෙනවා. මම දැනට පාවිච්චි කරන්නේ සියයට පහක් වැඩ ගොඩක් කරන්න පුළුවන් වේවි.
Reply : 0 0
Champa Monday, 18 March 2019 02:22 PM
දැන් මේ 14 දෙනාගේ කමිටුව පත් කරන්න ඇත්තේ ලොකු මොළ කාරයෝ කියල හිතල වෙන්නැතිනේ. Artificial Intelligence තිබ්බ මේ මොළ ඔක්කොම කුණු කූඩෙට වැටෙනවා. කිසි කෙනෙක් මේ වගේ මිනිස්සු ඉන්නවද කියලවත් දන්නේ නැතිවෙයි. කෘත්‍රිම මොළ තියෙන කොට මිනිස් මොළ වලින් වැඩක් නැහැ. නිර්මාණශීලිත්වය වැඩක් නැහැ. ඇතිවෙන රස්සා වලට වඩා බොහෝ වැඩියි නැති වෙන රස්සා. ඒකට වෙන් කරන මුදලින් විශාල ශ්‍රම බලකායක් ඉන්න ලංකාව වගේ රටකට ඊට වඩා දෙයක් කරන්න පුළුවන්. AI පාවිච්චි කරන්න පුළුවන් තැන් තියෙනවා සෞඛ්‍ය වගේ, precision එක හුඟක් වැදගත් නම්. නමුත් හැමදේම හරියට කියවෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ලංකාවේ දොස්තර කෙනෙකුට පුළුවන් AI නැතුව හරියටම කියන්න දරුවෙක් කලින් ලැබෙනවද නැත්ද, ලැබෙනවා නම් සති කීයකට කලින්ද කියල. නමුත් පිටරටක දොස්තර කෙනෙක්ට ඒක බැහැ අඩු ගානේ කලින් දවසේ ගියත් කියන්න බැහැ හෙට දරුවා හම්බ වෙනවා කියලා. නමුත් නිෂ්පාදනය වැඩි කරගන්න AI පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි නුවණින්. Computer ප්‍රශ්න විසදන්නේ algorithm අනුව නිසා ඉල්ලුම වැඩි වෙනකොට කෘත්‍රිම මොලේට හිතෙන්න පුළුවන් මිල ඉහල දාන්න. මිනිස් මොලේට හිතෙන්න පුළුවන් වැඩේ වැරදියි කි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

