ෂැංග්‍රීලා බෝම්බකරුගේ ඉඩමක් නගර සභාවට පවරාගැනීමට යයි
කොළඹ - ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුට අයිත් බවට පැවසෙන මාතලේ - කැටවල හතමුලගාල ගමේ පිහිටි අක්කර 22 ක් පමණ ඉඩම වහාම රාජසන්තක කර එම ඉඩම කසළ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියට මාතලේ ප්‍රා‘දේශීය සභාවට පවරා ගැනීමට කටයුතු කරන ලෙස මාතලේ ප්‍රා‘දේශීය සභාවට ඉදිරිපත් වූ යෝජනාව ඊයේ (13දා) ඒකමතිකව සම්මත විය.
මාතලේ ප්රාෙදේශීය සභා සභාපති කපිල බණ්ඩාර හීන්දෙනිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සභාවට පොදුජන පෙරමුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක කෝට්ටගොඩ මහතා විසින් යෝජනාව ඉදිරිපත් කළ අතර එම පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජන්ත විජේසේකර මහතා විසින් එම යෝජනාව ස්ථිර කරන ලදී.
මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක කෝට්ටගොඩ මහතා කියා සිටියේ මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කසළ බැහැර කිරීමට ඉඩමක් නොමැති නිසා සළ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වී තිබෙන බව හා ඒ සඳහා මෙම බෝම්බකරුගේ ඉඩම යොදාගැනීම ඉතා යෝග්‍ය බවත්ය.
අදාළ ඉඩම ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුට අයිති ඉඩමක් බවට දැනට විමර්ශනවලදී හෙළිවී තිබෙන බවද නාලක කෝට්ටගොඩ මහතා පැවසීය.
මාතලේ - ඇම්.ඩබ්. සෝමරත්න

popular news
-
ranjith Wednesday, 15 May 2019 04:36 AM
හොද තීරණයක් ප්‍රදෙසිය දේසපාලනය තෙන්දු තීරණ ඉක්මන්
Reply : 0 2
Lion Wednesday, 15 May 2019 07:46 AM
I write this to the editor of the news paper please keep a track on this .once it is taken over by the government please keep your readers informed. That way you can be a more responsible news media
Reply : 0 2
rocky Wednesday, 15 May 2019 07:50 AM
ඒ ඉඩමෙන් අක්කර 5 ක් ප්‍රාදේශීය සභාපතිටත්, කසල ප්‍රති චක්‍රීය කිරීම සඳහා පර්චස් 15 ක් වෙන් කර ඉතිරි හරිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී වරුන් අතරත් බෙදා හදා ගත්තොත් නරක නැහැ නේද ? කොහොමටත් ඔය ඉඩම ඉදිරිකාලයේදී ප්‍රා.සභා කාරයන්ගේ ජාත්‍යාලය නිසා වේගයෙන් කුඩා වෙන්නට පටන් ගන්නවා ෂුවර්!!
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

