ශිෂ්‍ය පාර්ලිමේන්තුවක් එයි
අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භ කර ඇති ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහනේ ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිහිටුවීම හා මංගල සැසිවාරය එළඹෙන 28 සහ 29 වන දෙදින මහරගම ජාතික තරුණ සේවා සභාවේ යොවුන් පාර්ලිමේන්තු සභාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
අධ්‍යාපන කලාප මට්ටමින් පිහිටුවා ඇති ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ශිෂ්‍ය නියෝජිතයන් අතරින් නාමයෝජනා කැඳවා, සුදුසුකම් ලත් නියෝජිතයන් ඡන්දය සඳහා ඉදිරිපත් කොට, වැඩිම ඡන්ද ලබාගන්නා ශිෂ්‍ය නියෝජිතයන් අතරින් මේ සඳහා නියෝජිතයන් තෝරාගැනේ.
ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සමාරම්භක සැසිය 28 වැනිදා ප.ව 2.00ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, දෙවැනි සභා වාරය 29 වැනිදා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා ප්රමුඛ කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ද එම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

popular news
-
Nimal Friday, 26 October 2018 09:30 AM
Another useless project. Similar to youth parliament which waste money only. Do something useful. Print a book which will explain positive attitude, NLP techniques etc and distribute among school children.
Reply : 0 0
Bhathiya Friday, 26 October 2018 02:38 PM
බලාපොරොත්තු වෙන්නේ මොකක්ද දැන් මේකෙන්?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

