ශිෂ්‍යත්ව හා සාපෙළට ඉදිරියේදී දිවයිනේ 1,2,3 ස්ථාන නෑ
ඉදිරියේදී පහේ ශිෂ්‍යත්ව සහ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග සඳහා ලංකාවෙන් ම පළමුවැනියා, දෙවැනියා, තෙවැනියා ආදී වශයෙන් ලකුණු පදනම් කරගනිමින් ශ්‍රේණි ලබාදීමක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, කුරුණෑගල කුඩාකත්නෝරුව ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සහ තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ උත්සව අවස්ථාවට පසුගිය දා එක් වෙමින්.
බොහෝ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිදහසේ සැහැල්ලුවෙන් සිදුකිරීමට ඇති අවකාශ අහිමි වී තිබෙන්නේ, පහේ ශිෂ්‍යත්වය සහ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ කඩඉම් විභාග ලෙස ක්‍රියාත්මක වීම හේතුවෙන් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
විභාගවලින් සිසුන් ශ්‍රේණිගත කිරීම අනවශ්‍ය කටයුත්තක් බවත්, මේ තත්ත්වය වෙනස් කිරීම වෙනුවෙන් තම උපදෙස් මත විශේෂ කමිටුවක් පත් කර ඇති බවත්, ඉදිරියේ දී එම කමිටු නිර්දේශ ද සැලකිල්ලට ගනිමින් ශිෂ්‍යත්ව සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා ශ්‍රේණි ලබාදීම නතර කිරීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරනවා.

popular news
-
chaaminda weerakoon Wednesday, 19 June 2019 03:47 PM
අපි ශිෂත්වයෙන් එන්ගිනීරින්ග් කලා. ලොකු ඉස්කෝලවලට ගීයා. දුප්පත් මිනිහට තියෙන්නේ එච්චර තමා . පුලුවන්නම් එකත් නැත්කරන්න.
Reply : 2 54
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

